මහින්ද රාජපක්‍ෂ මහතා ශ්‍රී දළඳා සමිඳුන් වැඳ පුදා ගනී.

දෙසැ 09, 2018

    මහින්ද රාජපක්‍ෂ මහතා,අද පෙරවරුවේ මහනුවර ශ්‍රී දළඳා වහන්සේ වැඳ පුදා ගත්තේය.

    දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් එතුමා උණුසුම් අන්දමින් පිළිගනු ලැබීය. ශිරන්ති රාජපක්‍ෂ මැතිණිය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ, මහනුවර හිටපු නගරාධිපති මහේන්ද්‍ර රත්වත්තේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හාරිස්පත්තුව ප්‍රධාන සංවිධායක ගුණතිලක රාජපක්‍ෂ යන මහත්වරුන් ඇතුලු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

    මාධ්‍යයට අදහස් දැක්වූ මහින්ද රාජපක්‍ෂ මහතා - “විශාල සහන රාශියක් දෙන්න බලාගෙන, වී මිල වැඩි කරන්න, අනෙකුත් බදු සහන ලබාදෙන්න වැඩපිළිවෙළ අපි සාකච්ජා කරමින් සිටියේ ගිය කැබිනට් එකෙන්. ඒවා සියල්ලම ජනතාවට අහිමිවුණා“ යැයි මහින්ද රාජපක්‍ෂ මහතා සඳහන් කළේය.

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

    Last modified on ඉරිදා, 09 දෙසැම්බර් 2018 19:46

    Latest News