බුද්ධාගම රකින බවට අගමැතිගෙන් පොරොන්දුවක් (විඩියෝ)

දෙසැ 28, 2018
  • නව ව්‍යවස්ථාවක් සැකසිමේදී හෝ සංශෝධනයකදී බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබාදිමේ හා එකීය රාජ්‍ය සංකල්පයෙන් බැහැර නොවන බව අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    මල්වතු සහ අස්ගිරි මහ නාහිමිවරුන් බැහැ දැකීමෙන් අනතුරුව ඔහු මේ බව කියා සිටියේය.

    රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රමාත්‍ය ධූරයේ දිවුරුම් දිමෙන් පසු අද දිනයේ මහනුවරට ගොස් දළදා සමිදුන් වැඳ ආශිර්වාද ලබා ගත්තේය.

    අස්ගිරි මහ විහාරයට ගොස් මහනායක වරකාගොඩ ඥානරතන හිමියන් බාහැ දැක ආශිර්වාද ලබා ගත්තේය. එමෙන්ම මල්වතු මහ විහාරයට ගිය අග්‍රාමාත්‍යවරයා තිබ්බටුවාවේ සුමංගලහිමියන් බැහැ දැක්කේය.

    Last modified on සිකුරාදා, 28 දෙසැම්බර් 2018 13:47

    Latest News