පූජිත් ජයසුන්දර මහතා ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාව හමුවට

ජන 25, 2020

    රිමාන්ඩ් භාරයේ පසුවන අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලෙන ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාව වෙත අද පැමිණියේය.

    මේ වනවිටත් ඔහු සාක්‍ෂි ලබාදෙමින් සිටින බව වාර්තාවේ. පූජිත් ජයසුන්දර මහතා පෙරවරු 10.00ට පමණ කොමිසම වෙත රැගෙන එනු ලැබීය. ඔහු ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්‍ෂි ලබා දෙන පළමු අවස්ථාව මෙයයි. 

    මේ අතර, හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා ද සාක්‍ෂි ලබාදීම සඳහා කොමිසම හමුවට අද පැමිණියේය.

    Latest News