දරිද්‍රතාව තුරන් කිරීම සහ ජීවනෝපාය සංවර්ධනයට කාර්ය සාධක බලකායක්

ජන 25, 2020

    දරිද්‍රතාව තුරන් කිරීම සහ ජීවනෝපාය සංවර්ධනය සඳහා කාර්ය සාධක බලකායක් ස්ථාපනය කර තිබේ.

    ග්‍රාමීය වතු හා නාගරික අඩු ආදායම්ලාභී ජනතාවගේ නිපුනතා, සුවිශේෂතා, සක්‍යතා මෙන්ම දුර්වලතා හා අභියෝග තක්සේරුවකට ලක් කොට දේශීය ආර්ථිකය බලගැන්වීමේ ක්‍රියාදාමයට ඔවුන් සෘජුව දායක කරගැනීම මෙහි අරමුණයි. “ගම සමඟ පිළිසඳරක්“ හා “සෞභාග්‍යයේ දැක්ම“ වැඩසටහන සම්පාදනයේ දී ග්‍රාමීය හා අඩු ආදායම්ලාභී ජනතාවගේ දුෂ්කරතා හා ගැටලු නිරීක්‍ෂණය කර තිබේ. සුරක්‍ෂිත වූ සෞභාග්‍යමත් දේශයක් සඳහා සංවර්ධන ආර්ථික ඉලක්ක සාක්ශාත් කරගැනීමේ දී දුප්පත්කම ප්‍රධාන පසුගාමී සාධකයක්. එම නිසා ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් පදනම් කරගත් ග්‍රාමීය ප්‍රජාව සවිබල ගැන්වීමේ ක්‍රමෝපායන්හි අවශ්‍යතාව පැන නැඟී තිබේ.

    මෙහිදී අධ්‍යාපන පහසුකම් පුළුල් කරමින් සිසු නිපුනතා හා කුසලතා දියුණු කිරීමේ වැඩපිළිවෙළ මෙන්ම ජනතාවගේ සෞඛ්‍ය, ගුණාත්මක ආහාර පරිභෝජනය, පරිසර සංරක්‍ෂණය සඳහා මෙහිදී ප්‍රමුඛත්වය ලබාදේ. සෞභාග්‍යයේ දැක්ම රාජ්‍ය ප්‍රතිපත්ති මගින් සුරක්‍ෂිත රටක්, සෞභාග්‍යමත් දේශයක්, ඵලදායී පුරවැසියෙක්, සතුටින් ජීවත්වන පවුලක් යන තේමා එකම දැක්මක් තුල දේශය ගොඩනැගීම සඳහා ක්‍රියාත්මකවීමේ පැහැදිලි ඒකාබද්ධ වැඩපිළිවෙළක් මෙමගින් ක්‍රියාත්මක කිරීමට අපේක්‍ෂිතයි.

    විශ්‍රාමික නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම් එස්.බී. දිවාරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් කාර්ය සාධක බලකාය විවිධ ක්‍ෂෙත්‍ර 12 දෙනෙකුගෙන් සමන්විතයි.

    Last modified on සෙනසුරාදා, 25 ජනවාරි 2020 12:20

    Latest News