උසාවිය අසළදී අල්ලස් ගත් පොලිස් නිලධාරියාට මාංචු

ජන 22, 2020

    පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණය අසළ දී අල්ලසක් ලබා ගත් පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට ගැනීමට අල්ලස් හෝ දුෂණ කොමිෂන් සභාවේ නිලධාරීන් සමත්ව තිබේ.

    සැකකරු, පැල්මඩුල්ල පොලීසියට අනුයුක්ත සේවය කළ පුද්ගලයෙක්. නඩුවක පැමිණිලි මුල්පිටපත් හා සාක්ෂි සම්පිණ්ඩන වාර්තාවක් තවත් පුද්ගලයෙකුට ලබා දෙන අවස්ථාවේ අත්අඩංගුවට ගැනිණ.

    පොලිස් නිලධාරියා, ඊයේ බලංගොඩ මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා හමුවට යොමු කිරීමෙන් පසු බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය. සැකකරු, පෙබරවාරි 3 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස පැල්මඩුල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා නියෝග කළේය.

    Last modified on බදාදා, 22 ජනවාරි 2020 14:16

    Latest News