සජින් වාස් ගුණවර්ධන නඩුව යළි පෙබරවාරී 11

ජන 20, 2020

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරමින් සිය නිත්‍යානුකූල ආදායම අභිබවා රුපියල් කෝටි 30 කට අධික මුදල් හා දේපළ උපයා ගත් බවට චෝදනා එල්ල වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුව පෙබරවාරි මස 11 වන දා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කරයි.

    එම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

    එහිදී නඩුවට අදාළ ලේඛන පැමිණිලිකාර පාර්ශවය විසින් විත්ති නීතිඥවරුන්ට ලබාදීම දුන්නේය.

    අනතුරුව නඩුව නැවත පෙබරවාරි මස 11 වැනි දින කැඳවීමට මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.

    2010 වසරේ සිට 2015 වසර දක්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරමින් සිය නීත්‍යානුකූල ආදායම අභිබවා රුපියල් තිස් කෝටි හැට දෙලක්ෂයක මුදලක් අයථා ලෙස උපයා ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබේ.

    Latest News