දෙනුවර මැණිකේ දිනපතා ධාවනයට සැරසේ

ජන 20, 2020

    කොළඹ කොටුවේ සිට දිනක් හැර දිනක් ධාවනය වන දෙනුවර මැණිකේ නගරාන්න දුම්රිය ලබන මස දෙවැනි (2) දින සිට දිනපතා ධාවනයට එක් කරන බව දුම්රිය සේවා රාජ්‍යය අමාත්‍යය සි.බි රත්නායක මහතා පවසයි.

    රාජ්‍ය අමාත්‍යයවරයා මේ බව ප්‍රකාශ කළේ කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු දෙනුවර මැණිකේ දුම්රියේ නිරීක්ෂණ චාරිකාවකට පසුගියදා (18) එක්වෙමින්.

    දුම්රිය සේවය ගුණාත්මක ප්‍රවාහන සේවයක් බවට පත් කිරිමට සදහා අවශ්‍යය කටයුතු මේ වන විට සිදු කරමින් පවතින බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    දුම්රිය ප්‍රවාහන සේවයට නව තාක්ෂණය යොදා ගනිමින් කටුනායක ගුවන් තොටුපලේ සිට දුම්රිය ප්‍රවේශපත්‍රයක් දෙස් විදෙස් සංචාරකයන්ට නිකුත් කිරිමට බලාපොරොත්තු වන බව සි.බි රත්නායක රාජ්‍යය අමාත්‍යයවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    TRain 900px 20 01 20

    Last modified on සදුදා, 20 ජනවාරි 2020 07:45

    Latest News