සිව් දෙනෙක්ට මරු කැඳවමින් හුංගම අනතුරක්..20ක් රෝහලේ

ජන 20, 2020

    කොළඹ - කතරගම ප්‍රධාන මාර්ගයේ රන්න,හුංගම මාර්ගයේ බටඅත ප්‍රදේශයේ දී ඊයේ රාත්‍රී සිදුවු අනතුරකින් සිව් දෙනෙක් මියගොස් තිබේ.

    අනතුරින් තවත් 20 දෙනෙකු තුවාල ලැබීය. අනතුර සිදුව ඇත්තේ, රන්න දෙසට ධාවනය වූ ටිපර් රථයක් එම දිසාවට ගමන් කළ ත්‍රීරෝද රථයකට ඉස්සර කිරීමට යාමේදී ප්‍රති විරුද්ධ දිශාවෙන් පැමිණි පෞද්ගලික බස් රථයක් හා ගැටීමෙන්.

    මියගිය අය අතර බස් රථයේ රියදුරු සහ වයස අවුරුදු 3ක කුඩා දැරියක් ද වෙයි. අනතුරින් තුවාල ලැබූවේ ටිපර් රථයේ රියදුරු, බස් රථයේ ගමන්ගත් 14 දෙනෙක් සහ ළමුන් 5 දෙනෙක්. ඔවුන් තංගල්ල රෝහලට ඇතුළත් කෙරිණ.

    Last modified on සදුදා, 20 ජනවාරි 2020 07:21

    Latest News