කිසිදු ගුවන් මගියෙකු අපහසුතාවකට හෝ ප්‍රමාදයකට ලක් නොවිය යුතුයි: ජනපතිගෙන් උපදෙස්

ජන 16, 2020

    රටින් පිටවීමේදී සහ පැමිණිමේ දී කිසිදු ගුවන් මගියෙකු අපහසුතාවකට හෝ ප්‍රමාදයකට ලක් නොවන අයුරින් ක්‍රියා කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගුවන්තොටුපොළ බලධාරින්ට උපදෙස් දි තිබේ.

    ගුවන් තොටුපොළ ආශ්‍රීත ආරක්ෂක වැඩපිළිවෙළ මහජනතාව අපහසුතාවට ලක් නොවන ආයුරින් සිදු විය යුතු බව අද (16) පස්වරුවේ කටුනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් ජනාධිපතිතුමා මේ බව අවධාරණය කළේය.

    රටින් පිටව යන සාමාන්‍ය ගුවන් මගියෙකු ගුවන් තොටුපොළට ඇතුල්වන අවස්ථාවේ සිට මගී පර්යන්තය ඔස්සේ ගුවන් යානයට පිවිසීම දක්වා ජනාධිපති තුමාගේ නිරික්ෂණයට ලක්විය. රටට පැමිණෙන ගුවන් මගියෙකු පිටතට පැමිණෙන තෙක් ගතවන කාලය, ස්ථාන සහ ක්‍රියාවලිය ද පුළුල් විමසුමකට ලක් වුයේය.

    presidentairport1 px 900 20

    ආගමන විගමන පරීක්ෂණ කටයුතු සඳහා ප්‍රමාණවත් නිලධාරීන් යොදවා මගීන්ට සිදුවන ප්‍රමාදය හැකි උපරිමයෙන් අවම කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිතුමා ආගමන විගමන අධ්‍යක්ෂ ජනරාල්ට උපදෙස් දෙනු ලැබිය.

    ගුවන් තොටුපොළින් පිටව යන සහ පැමිණි මගීන් සමඟ ද ජනාධිපතිතුමා සුහද කථා බහක නිරත විය.

    presidentairport2 px 900 20

    පැමිණීම සහ පිටවීම සඳහා අංගන දෙකක් නිර්මාණය කිරිමෙන් කාර්යක්ෂම සේවවාක් මගීන්ට ලබාදිය හැකි බව පෙන්වා දුන් ජනාධිපතිතුමා නව මගී පර්යන්තයේ වැඩ කඩිනමින් නිම කර ජනතා අයිතියට පත් කරන ලෙස ද උපදෙස් දුන්නේය.  කුලී රථ වෙනුවෙන් වෙනම අංගනයක් සකස් කරන ලෙස ද ගුවන් තොටුපොළ සභාපති මේජර් ජනරාල් ජී. ඒ. චන්ද්‍රසිරි මහතාට උපදෙස් දෙනු ලැබිණ.

    ගුවන් තොටුපොළ සේවාවන්හි කාර්යක්ෂමතාව පිළිබඳව ජනාධිපතිතුමා සභාපතිවරයාට සහ කාර්ය මණ්ඩලයට සිය ප්‍රශංසාව පළ කළේය.

     

     

     

     

    Last modified on බ්‍රහස්පතින්දා, 16 ජනවාරි 2020 18:53

    Latest News