ප්‍රබල රාජ්‍ය 04ක නියෝජිතයින් ජනපති හමුවේ: ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම ගැන සැමගේ ප්‍රසාදය (වීඩියෝ)

ජන 14, 2020
  • ලොව ප්‍රබල රාජ්‍ය හතරක ඉහළ පෙළේ නියෝජිතයන් පිරිසක් ගතවු පැය 24 තුළ මෙරටට පැමිණියේය.

    ඇමරිකා එක්සත් ජනපදයේ සහකාර රාජ්‍ය ලේකම් ඇලිස් වෙල්ස් මහත්මිය (Alice wells), චීන විදේශ අමාත්‍ය වැන්ග් යි (Wang Yi), රුසියානු විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රෝව් (Sergey Lavrov) සහ ජපාන රාජ්‍ය අමාත්‍ය කොසෝ යමමොතෝ (Kozo Yamamoto) යන මහත්වරු එ අතරවේ. ඔවුන් අද පස්වරුව වන තෙක් රට තුළ රැඳී සිටියහ.

    බිඳ වැටුණු ආර්ථිකය යළි නගා සිටුවීම තම ධූර කාලය තුළ අපේක්ෂිත ප්‍රධානතම කාර්යය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලෝක බලවතුන් හමුවේ කියා සිටියේය. රට ගොඩනැගිමට ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙළ ඔවුන්ගේ ඇගයිමට ලක්වු අතර ශ්‍රී ලංකාව ආරම්භ කර ඇති ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා සිය උපරිම සහය දෙන බව ප්‍රකාශ කළහ.

    තැති ගැන්මට ලක්ව තිබූ සමාජය සහ ජන ජිවිතය යථා තත්ත්වයට පත් කරමින් ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සියලු නියෝජිතයන්ගේ පැසසුමට ලක් වුයේය.

    සෑම ක්ෂේත්‍රයකම කඩිනම් සංවර්ධනයක් අත්කර ගනිමින් රට ඉදිරියට ගෙන යාමට ඇති ජනාධිපතිතුමාගේ අපේක්ෂාව‍ට පූර්ණ සහාය පිරිනැමිමට සියලුම විදේශ නියෝජිතයින් ප්‍රතිඥා දුන්හ.

    presidentmeet1 px 900 20 01

    presidentmeet2 px 900 20 01

     

     

     

     

     

     

    Last modified on අඟහරුවාදා, 14 ජනවාරි 2020 20:21

    Latest News