රයිගම් වෙතින් සමාජ මාධ්‍ය ඇගයීමේ පියවරක්

ජන 16, 2020

    මෙරට ප්‍රථම වරට සමාජ මාධ්‍ය ඇගයීම සඳහා සම්මාන උළෙලක් කොළඹ දී පැවැත්විණ.

    “ද කිංඩම් ඔෆ් රයිගම්“ විසින් සංවිධාන කළ සම්මාන උළෙල “සම් අවොර්ඩ්ස් 2019“ ලෙස නම් කර තිබිණ. සම්මාන උළෙල පසුගිය 11 වැනිදා පැවැත්විණ. ද කිංඩම් ඔෆ් රයිගම් විසින් ටෙලි නිර්මාණ ඇගයීම සඳහා රයිගම් ටෙලීස් වාර්ෂිකව සංවිධාන කරන අතර රයිගම් සම් අවොර්ඩ්ස් සංවිධාන කිරීමේ අරමුණ වූයේ වැඩි පිරිසක් භාවිත කරන සමාජ මාධ්‍යවල ගුණාත්මක නිර්මාණ බිහි කිරීමටයි. හොඳම යූ ටියුබ් නාලිකාව, හොඳම ෆෙස්බුක් නාලිකාව, හොඳම ගීත රචනය ඇතුළු ක්‍ෂේත්‍ර රැසක් කෙරෙහි මෙහිදී සම්මාන පිරිනැමිණ. උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වූයේ මහාචාර්ය සුනිල් ආරියරත්න මහතායි. රයිගම් සම් අවොර්ඩ්ස් වාර්ෂිකව පැවැත්වීමට ද කිංඩම් ඔෆ් රයිගම් ලෙස සැලසුම් කර තිබේ.

    Latest News