'ශ්‍රීලංකන් Airlines' දිනූ තවත් සුපිරි සම්මානය

දෙසැ 11, 2020

    ශ්‍රී ලංකන් ගුවන් සමාගම 'ෆියුචර් ට්‍රැවල් එක්ස්පීරියන්ස්' ගෝලීය සම්මාන උළෙලේදී ප්‍රධාන නිල ගුවන් ශ්‍රේණිගත සම්මානයෙන් පිදුම් ලැබීය.

    ශ්‍රී ලංකා රාජ්‍ය හිමිකාරකත්වයක් සහිතව දේශීය ගුවන් සේවාව ආරම්භ කෙරුණේ මීට වසර 41කට පෙරයි. ඉතිහාසයේ තම සමාගමට හිමිවු තරු හතර පන්තියේ ප්‍රධානතම සම්මානය මෙය බව ශ්‍රී ලන්කන් ගුවන් සමාගම පවසයි.

    ප්‍රේක්ෂක ශ්‍රේණිගත කිරීම් මත ක්‍රියාත්මක ගුවන් මගී අත්දැකීම් සංගමය විසින් මෙම සම්මානය ප්‍රදානය කරනු ලැබීය. එය ලොව විශාලතම ගුවන් සේවා සමාගමක්. ජාත්‍යන්තර ගුවන් සේවා සංගමය හා අනාගත සංචාරක අත්දැකීම් යන සමාගම් ජාලය සමග සම්බන්ධිත එම ආයතනය ලොව ගුවන් සමාගම්වල සංවර්ධනයට කැපවූ සංවිධානයක්.

    පළමු ශ්‍රේණිගත කිරීමේ සම්මානය හිමිවීමට ගුවන් මගීන්ගේ ප්‍රවේශපත්‍රය ස්ථීර කිරීම සමස්ත ගුවන් ගමනේ අත්දැකීම හා තක්සේරුව, තෙවන පාර්ශවිය මගී ශ්‍රේණිගත කිරීම යනාදී කරුණු බලපා තිබේ.

    ආසන පහසුව, ආහාර පාන, විනෝදාස්වාදය, වයිෆයි ඇතුළු තාක්ෂණ ක්‍රමවේදවලින් ශ්‍රී ලංකන් ගුවන් සමාගම ලබා ඇති ප්‍රගතිය සම්මානය ලැබීමට ඉවහල් විය. එම සාමගමේ විධායක නිළධාරී විපුල ගුණතිලක මහතා කියා සිටියේ, තම ගුවන් සේවය ලෝක මට්ටමේ ප්‍රමිතීන්වලට අනුකූලව ක්‍රියාත්මක වීම සම්මානය හිමිවීමට හේතුවක් බවයි.

    Latest News