සේදමාවතේ කීර්තිමත් තානාපති;සම්මානය ශානිට (ඡායාරූප)

පෙබ 01, 2019
  • සේදමාවතේ රටවල කීර්තිමත් තානාපතිවරයාට හිමි සම්මානය චීනයේ බෙයිජිං නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නියෝජ්‍ය තානාපති ශානි කරුණාරත්න මහත්මිය හිමිකර ගනී. සම්මාන උළෙල චීනයේ බෙයිජිං නුවරදී උත්කර්ශවත් ලෙස පැවැත්විණ.


    මේ සඳහා විවිධ රටවල රාජ්‍යතාන්ත්‍රික නිළධාරීන් නිර්දේශ වූ අතර එම නිර්දේශිත නාමයන් මහජන ඡන්දය සඳහා යොමු කෙරිණ. ඉන් අනතුරුව ඇගයීමේ කමිටුවක් මඟින් විෂය සහ පරිබාහිර කටයුතු වෙනුවෙන් දැක්වූ දායකත්වය සැළකිල්ලට ගෙන අවසන් වටයට රාජ්‍යත්‍රාන්ත්‍රික නිළධාරීන් 5 දෙනෙකුගේ නම් නිර්දේශ කෙරිණ.

    චීනයේ පාකිස්ථාන තානාපති මෂුඩ්ඛලීඩ්, මෝල්ටා තානාපති ජෝන් ඇක්කුලිනා, මාලදිවයින් තානාපති මොහොමඩ් ෆයිසාල් සහ බොස්නියා හර්සගෝවේනියා තානාපති ඇන්ටන්රීල් යන මහත්වරුන් තේරී පත්විය. නිර්දේශ වූ 5 දෙනා අතරින් සිව්දෙනෙක් තනාපතිවරුන් වන අතර, ශානි කරුණාරත්න මහත්මිය පමණක් නියෝජ්‍ය තානාපති තනතුර දරමින් මෙම සම්මානය ලැබීම ද විශේෂත්වයකි.

    ශානි කරුණාරත්න මහත්මිය චීන ශ්‍රී ලංකා ද්වීපාර්ශවික සබඳතා යටතේ චීනයේ පැවති එක් තීරයක් - එක් මාවතක් වැඩසටහන් 25 කට වැඩි සංඛ්‍යාවකට සහභාගී වී ප්‍රධාන දේශන රැසක් පවත්වා ඇත. ඇය බෙයිජිං හී පොදුරාජ්‍ය මණ්ඩල සමාජයේ ජේයේෂ්ඨ උප සභාපතිනිය ලෙස ද මේ වනවිට ක්‍රියා කරයි.

    The Star

    Commonwealth Contribution

    Acknowledgement

    All recipients of awards

    Last modified on සිකුරාදා, 01 පෙබරවාරි 2019 12:33

    Latest News