ඇළ මාර්ගයකට රසායනික ද්‍රව්‍යයක් මුසුවේ

ජන 06, 2019

    වරකාපොළ නගරයට ජලය සැපයෙන හල්ලව ඇළ මාර්ගයට කිසියම් රසායනික ද්‍රව්‍යයක් මුසුවී ඇතැයි වාර්තාවේ.

    එහි දිය නෑමට ගිය දෙදෙනෙකු ද රෝහල් ගත කෙරිණ. ඇළ මාර්ගයට රසායනික ද්‍රව්‍යයක් මුසුවීම නිසා එහි මසුන් මියගොස් ඇති බවට සැක කෙරේ. ඇල මාර්ගයේ දිය නෑ දෙදෙනෙක් ආසාත්මිකතාවට පත්වීමත් සමඟ වරකාපොළ නගරයට ජලය සැපයෙන අදාළ පොම්පාගාරයෙන් ජලය නිකුත් කිරීම අත්හිටවූ බව ප්‍රාදේශීය ලේකම් අජිත් තෙන්නකෝන් මහතා පවසයි.

    කිසියම් බවුසරයකින් හල්ලව ඇළ මාර්ගයට යමක් බැහැර කර ඇති බව ද වාර්තා වී තිබේ. එම බවුසරය සොයා වරකාපොළ පොලිසියෙන් පරීක්‍ෂණයක් ද ක්‍රියාත්මකයි. ජනතාවට අවශ්‍ය පානීය ජලය බවුසර් මගින් ලබාදීමට කටයුතු කරන බව ප්‍රාදේශීය ලේකම්වරයා කියා සිටී.

    Last modified on ඉරිදා, 06 ජනවාරි 2019 12:40

    Latest News