එස්.14 බලවේග දුම්රියේ පරීක්ෂණ චාරිකාව අද

ජන 16, 2020

    චීනයෙන් ආනයනය කළ එස්.14 වර්ගයේ බලවේග දුම්රියේ පරීක්ෂණ චාරිකාව අද සිදු කෙරේ.

    ඒ කොළඹ සිට මහනුවර දක්වායි. පරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව,බලවේග දුම්රිය කොළඹ සිට බදුල්ල දක්වා තවත් ධාවන අත්හදා බැලීමේ චාරිකාවකට යොදවනු ඇති. පසුව කොළඹ - බදුල්ල අතර ධාවනය කෙරෙන දෙනුවර මැණිකේ දුම්රිය එය යෙදවීමට නියමිතයි. උඩරට දුම්රිය මාර්ගයේ ධාවනය සදහා එන්ජින් දෙකේ බලවේග දුම්රිය කට්ටල 4ක් ඉකුත් දෙසැම්බර් මාසයේ ගෙන්වනු ලබයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 16 ජනවාරි 2020 07:45

    Latest News