බුද්ධි අංශ නියාමනයට නව පනතක් - ඇමති බන්දුල

ජන 15, 2020

    ජාතික ආරක්ෂාවට ප්‍රමුඛතාව ලබා දෙමින් සියලුම බුද්ධි ක්ෂේත්‍ර ආවරණය වන පරිදි බුද්ධි අංශ නියාමනය කිරීමේ හා බලගැන්වීමේ පනතක් හඳුන්වා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

    එය රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාවක්. ඊට අදාළ පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් ලබාදීමට නියමිතයි. ජාතික ආරක්ෂාවට බලපෑම් සිදු කරන ක්‍රියාකාරකම් පුරෝකතනය කර, ඒවා වළක්වා ගැනීම පිණිස අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම හා නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ බුද්ධි ආයතන සුවිශේෂී කාර්යයක් ඉටු කරනු ලබයි.

    එකී ආයතන විසින් පුරෝකතනය කරනු ලැබූ තර්ජන හා හෙළි කර ගත් තොරතුරු මත වළක්වා ත්‍රස්තවාදී හා අනෙකුත් ක්‍රියාකාරකම් ජාතික ආරක්ෂාව පවත්වාගෙන යාම සඳහා මහඟු පිටිවහලක් වී තිබේ. බුද්ධි අංශ මෙහෙයුම් ආශ්‍රිතව සිදුවන ක්‍රියාකාරකම් නියාමනය කිරීම සඳහා සහ බුද්ධි අංශ බලාත්මක කරමින් එම මෙහෙයුම්වලට සහය වීම සඳහා ප්‍රමාණවත් නෛතික ප්‍රතිපාදන දැනට නොමැති වීම සඳහා ප්‍රමාණවත් නෛතික ප්‍රතිපාදන දැනට නොමැති වීම හේතුවෙන් ඇතැම් බුද්ධි අංශ ක්‍රියාකාරකම් සීමා වී ඇති බවයි, අමාත්‍ය මණ්ඩල ප්‍රතිකාවේ දැක්වෙන්නේ. එම අඩු ලුහුඩුකම් වළක්වා ගැනීම ජාතික බුද්ධි පනත හඳුන්වා දීමේ අරමුණයි.

    Last modified on බදාදා, 15 ජනවාරි 2020 14:49

    Latest News