අසර්බයිජානයේදි මියගිය සිසුවියන්ගේ පශ්චාත් මරණ පරීක්‍ෂණ අවසන්

ජන 14, 2020

    අසර්බයිජානයේ ඉගෙනුම ලබමින් සිටි ශ්‍රී ලාංකික සිසුවියන් තිදෙනාගේ පශ්චාත් මරණ පරීක්‍ෂණ අවසන් කර තිබේ.

    ඒ, බකූ නුවර පිහිටි ජනරජ රෝහලේදී. මෙම සිසුවියන් තිදෙනා ඉගෙනුම ලබමින් සිටියේ අසර්බයිජානයේ බකූ නුවර බටහිර කැස්පියන් විශ්වවිද්‍යාලයේ. ඔවුන් නවාතැන් ගෙන සිටි ගොඩනැගිල්ලේ ඇතිවූ ගින්නක් හේතුවෙන්, තිදෙනාම මියගොස් ඇති බවට වාර්තා පළවිය. අදාළ ලියකියවිලි සම්පූර්ණ කිරීමෙන් පසු ශ්‍රී ලාංකික සිසුවියන් තිදෙනාගේ සිරුරු රජයේ වියදමින් දිවයිනට ගෙන ඒමට නියමිතයි. ඒ සඳහා සම්බන්දීධීකරණය සිදු කරන්නේ විදේශ සබඳතා අමාත්‍යාංශයයි.

    Last modified on අඟහරුවාදා, 14 ජනවාරි 2020 19:48

    Latest News