ජයලත් මනෝරත්න දිවියෙන් සමුගනී (වීඩියෝ)

ජන 12, 2020
  • ප්‍රවීණ නාට්‍යවේදියකු, රංගධරයකු වන ආචාර්ය ජයලත් මනෝරත්න මහතා අද(12) අලුයම බොරලැස්ගමුව අබේරත්න මාවතේ පිහිටි නිවසේදී අභාවප්‍රාප්ත වී තිබේ.

    මියයන විට ඔහුගේ වයස අවුරුදු 71ක් විය.

    ජයලත් මනෝරත්න මහතා වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය, රිදී තිරය සහ කලා ක්ෂේත්‍රයේ විවිධ පැතිකඩ හරහා මෙරට කලාවට මහත් සේවාවක් කළ කලා කරුවෙකි

    තලමල පිපිලා, අන්දරේලා, ගුරු තරුව, පුත්‍ර සමාගම, බූරුවා මහත්තයා, සෙල්ලම් නිරිඳු වැනි වේදිකා නාට්‍ය කිහිපයකටම නිෂ්පාදන කාර්යයෙන් දායක වූ මනෝරත්න මහතා වේදිකා නාට්‍ය, සිනමාපට සහ ටෙලිනාට්‍ය ගණනාවකට රංගනයෙන් දායක වී රාජ්‍ය සම්මාන රැසක් හිමිකර ගෙන තිබේ.

    Last modified on සදුදා, 13 ජනවාරි 2020 14:55

    Latest News