වෙන්නප්පුව මුහුදේ දිය නැ 03 ක් සැඩ පහරට හසුවේ: දෙදෙනෙකුගේ සිරුරු හමුවේ

ජන 11, 2020

    වෙන්නප්පුව, කම්මලවැල්ල මුහුදු ප්‍රදේශයේ දියනාමින් සිටි තිදෙනෙකු සඩ පහරකට හසුව ගසාගෙන යාමෙන් මියගොස් තිබේ.

    අද පස්වරු 4.30ට පමණ සැඩ පහරට හසුවීම සිදුව ඇති අතර, ඉන් කාන්තාවකගේ සහ පිරිමි අයෙකු ගොඩගසා සිටියදී දංකොටුව රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

    අතුරුදන්වූ අනෙක් පුද්ගලයා සෙවීම ආරම්භ කර ඇත. මොවුන් මාකඳුර හා සඳලංකාව ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

     

     

    Latest News