නිවී ගිය ගුරු තරුව...මනෝ සර්

ජන 13, 2020

    අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගවේදී ජයලත් මනෝරත්න මහතාගේ දේහය මේ වන විටත් බොරලැස්ගමුව, අබේරත්න මාවතේ පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කර තිබේ.

    ඔහුගේ දේහය ඊයේ (12) පස්වරුවේ නිවසට රැගෙන ආ අතර කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් දේහයට අවසන් ගෞරව පුදකළේය. දේහය පිළිබඳ අවසන් කටයුතු බදාදා (15) බොරලැස්ගමුව පොදු සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිතයි.

    ප්‍රවීණ රංගධරයකු, සාහිත්‍යවිචාරකයකු, මානව හිතවාදියෙකු,ගුරුවරයකු වූ ශ්‍රී ලංකාවේ වේදිකා නාට්‍යය කලාවේ යුගයක් සනිටුවන් කළ මහා කලාකරුවෙකු වූ ආචාර්ය ජයලත් මනෝරත්න මහතා ඊයේ (12) අලුයම අභාවප්‍රාප්ත විය.

    ජයලත් මනෝරත්න මහතා පසුගිය කාලයේ අසනීප තත්ත්වයෙන් පසු වූ බවට වාර්තා විය. මියයන විට ඒ මහතා 71 වැනි වියේ පසුවිය.

    images 2

    ජයලත් මනෝරත්න නම් වූ ප‍්‍රතිභා පූර්ණ කලා ශිල්පියා 1948 ජුනි මස 12 වැනි දින නුවරඑළිය දිස්ති‍්‍රක්කයේ දෙහිපෙ නම් ග‍්‍රාමයේ ජන්ම ලාභය ලබයි. නුවරඑළිය, දෙහිපෙ ප‍්‍රාථමික විද්‍යාලයෙන් ප‍්‍රාථමික අධ්‍යාපනය ලබන ජයලත් මනෝරත්න පහේ ශිෂ්‍යත්වයෙන් සමත්ව පොරමඩුල්ල මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත්ව සිප් සතර ප‍්‍රගුණ කරයි. විශ්වවිද්‍යාලයට ඇතුළුවීමට වරම් ලබන ජයලත් මනෝරත්න මහතාගේ කලා ජීවිතයේ හැරවුම් ලක්ෂය වන්නේ මෙම පින්වන්ත භූමියයි.

     e867079449465f7e4599c023ca9719f9 L

    මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර ආචාර්යවරයාගේ සෙවණෙහි සරමින් එකල එතුමාගේ නවතම නාට්‍යය වූ ‘පෙමතෝ ජායතී සොකො’ හි ප‍්‍රධාන භූමිකාවට පණ පොවන්නට ආචාර්ය මනෝරත්නයන් සමත්වේ. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, මහාචාර්ය ඞී.ඊ.හෙට්ටිආරච්චි, මහාචාර්ය ගණනාථ ඔබේසේකර, මහාචාර්ය සිරි ගුණසිංහ, මහාචාර්ය ලෙස්ලි ගුණවර්ධන, මහාචාර්ය තම්බයියා පිල්ලේ, මහාචාර්ය ආනන්ද කුලසූරිය, මහාචාර්ය හේමපාල විජේවර්ධන, මහාචාර්ය කාල් ගුණවර්ධන, මහාචාර්ය පී. ඊ. ඊ. ප‍්‍රනාන්දු, ආචාර්ය සිරිමා කිරිබමුණ, ආචාර්ය ජේ. බී. දිසානායක, මහාචාර්ය ම.ව. සුගතපාලද සිල්වා, මහාචාර්ය ආරිය රාජකරුණා, මහාචාර්ය රම්මණ්ඩල, මහාචාර්ය කේ. එන්. ජයතිලක, මයිකල් ප‍්‍රනාන්දු, කේ. එන්. ඕ. ධර්මදාස, ඒ. කේ. ගුණසේන, කුසුමා ජයසූරිය, ආචාර්ය බර්ටි ගංගාධාර ආදීන්ගෙන් දැනුම හා ආභාෂය ලබාගැනීමට ජයලත් මනෝරත්න සමත් වෙයි.

    z arts page 13 Breaking03  3001 1 guru tharuwa ardha vartha rangaya

    ඕ.සී.අයි.සී. ජනාධිපති,සරසවි,රයිගම් ටෙලීස්,සුමති සම්මාන රැසකට හිමිකම් කියන ආචාර්ය මනෝරත්නයන් 1991-1992 වර්ෂයන්හි ‘සොක‍්‍රටීස්’, සහ ‘ද්විත්ව’ වෙනුවෙන් රාජ්‍ය නාට්‍ය උළෙලයන්හිදී හොඳම නළුවා බවට පත්ව රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලබයි.

    වේදිකා නාට්‍ය කලාවේ සුවිශේෂී මං සළකුණු කළ ජයලත් මනෝරත්න, නිෂ්පාදනය කළ වේදිකා නාට්‍ය අතර ලෝකය තනියායක්, පුත‍්‍ර සමාගම, අන්දරේලා, ගුරුතරුව, බූරුවා මහත්තයා, තලමල පිපිලා, සෙල්ලං නිරිඳු ආදී නිර්මාණ මහජන ආදරයට මෙන් ම ගෞරවයට පාත්‍ර විය.

    රංගනයෙන් දායක වූ වේදිකා නාට්‍ය අතර සිංහබාහු, මනමේ, මහාසාර, පෙමතෝ ජායතී සොකො, දුන්න දුනු ගමුවේ, සුබසාධක, ගජමන් පුවත, නරිබෑණා. අංගාරා ගඟ ගලා බසී, මෝදර මෝල, රතු හැට්ටකාරි, සොක‍්‍රටීස්, ද්විත්ව, කනේරුමල්, පුත‍්‍ර සමාගම, දිවැස් හෙළනු මැන, මධුර ජවනිකා, දෙබිඞ්ඩෝ, රාස්ස සහ පරාස්ස, සහතික නොකළ මරණයක්, සුද්දෙක් ඔබ අමතයි, හොරු සමග හෙළුවෙන්, නාගගුරුලා, උක්දඬුගින්න, ඔත්තුකාරයා, සුදු රෙදි හොරු, අන්දරේලා, හඬ නිහඬ, සෙල්ලම් නිරිඳු මතක සටහන් අතරට මුසු වෙන චරිතාංග වේදිකා රංගන වේ.

    374441 143948 14

    ආචාර්ය මනෝරත්නයන් රූපවාහිනියට පිවිසෙන්නේ පරාක‍්‍රම නිරිඇල්ලගේ ‘ඇබැද්දිය’ තුළිනි. දරුවෝ, සින්දු බින්දු, ගම් පෙරළිය, බෝඩිම, රම්‍ය සුරම්‍ය, පස්සෙ ගෙනා මනමාලි,ඇබැද්දිය,මෙරගිරිකන්ද,නොපිපෙන මල්,ගල් පිළිමය සහ බොල් පිළිමය,සකි සඳ එළියස්,මඩොල් දූව,පුංචි පැටව්,ඉරට හඬන මල් -2, සූරිය කුසුම,සඳ අමාවකයි ආදී ටෙලිනාට්‍යයන්හි සිය රංග ප‍්‍රතිභාවන් දක්වා තිබේ.

    ආචාර්ය මනෝරත්නයන් රචනා කළ කෘති අතර දොළොස්මහේ පහන,දවස තාමත් තරුණයි,සින්දු බින්දු,මිනිහට නින්ද යන්ඩ ඇති, සිංහල නාට්‍ය ප‍්‍රාසාංගික වර්ධනය සංගෘහිතව තිබේ.

    ආචාර්ය මනෝරත්නයන් සිය රංග ප‍්‍රතිභාව තුළින් හිමිකරගත් නෙක නෙක සම්මාන රැසකි. සුමති සම්මාන, හොඳම නළුවා, සඳ අමාවකයි (2002) සරසවිය සිනමා සම්මාන, හොඳම සහාය නළුවා - සුදු කළුවර (2004), සරසවිය සිනමා සම්මාන හොඳම සහාය නළුවා - භේරුණ්ඩ පක්‍ෂියා (2007) රයිගම් ටෙලීස්: හොඳම සහාය නළුවා, හෝගානා පොකුණ (2015) රයිගම් ටෙලීස්: ප‍්‍රතිභා ප‍්‍රභා සම්මානය (2013), සුමති සම්මාන හොඳම ටෙලිනාට්‍ය. තිර රචනය - රම්‍ය සුරම්‍ය (2004) හිරු ගෝල්ඩන් සිනමා සම්මාන හොඳම විකට නළුවා - හෝගානා පොකුණ (2016), දෙරණ සන්සිල්ක් සිනමා සම්මාන: හොඳම සහාය නළුවා, හෝ ගානා පොකුණ (2016), සිග්නීස් සම්මාන: හොඳම සහාය නළුවා - හෝගානා පොකුණ (2016), ජනාධිපති සම්මාන - හොඳම සහාය නළුවා (2017) රාජ්‍ය සාහිත්‍ය සම්මාන අන්දරේලා (කෘති) ගුරුතරුව වෙයි.

    5438 3 sellam niridu

    නිර්මාණකරණ රචනයෙන්ද, වේදිකාව, ගුවන්විදුලිය රූපවාහිනිය ආදි මාධ්‍ය තුළින් නෙක විද මාන ඔස්සේ කුසලතා මැවූ ආචාර්ය මනෝරත්නයන් සිනමාවට පිවිසෙන්නේ 1979 දී ‘තිලක හා තිලකා’ හි රංගනයට එක්වෙමිනි. අනතුරුව ටයිටස් තොටවත්ත අධ්‍යක්‍ෂණය කළ ‘හඳයා (1979) හි රංගනයෙන් දායක විය. එසේම ජයලත් මනෝරත්නයන් සිනමා කෘති රැසකට තම රංගන පෞර්ෂය විදහා දක්වා තිබේ.

    images 3

     

     

    Last modified on සදුදා, 13 ජනවාරි 2020 14:53

    Latest News