ශ්‍රී ලංකා ජනපති - සාමයට සහ සුළු ජාතික අයිතීන් සුරැකීමේ ගුණාංගවලින් පිරිපුන්; නෙස්බි සාමි

ජන 11, 2020

    ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා ජනාධිපති පදවියට පත්වීමත් සමඟ ශ්‍රී ලංකාව සහ බ්‍රිතාන්‍ය අතර නව සබඳතා තහවුරු කිරීමේ ඉඩ ප්‍රස්ථා පහළ වී ඇතැයි, නෙස්බි සාමිවරයා පෙන්වා දෙයි.

    සාමිවරයා මේ බව පසුගියදා ප්‍රකාශ කළේ, බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී. නෙස්බි සාමිවරයා කියා සිටියේ, ශ්‍රී ලංකාවේ සහ බ්‍රිතාන්‍යයේ නව නායකත්වයන් බිහිවී ඇති බවයි. ගෝඨාභය රාජපක්‍ෂ මහතා පැහැදැලි දැක්මක් සහිත නායකයෙකු බව ඔහු පෙන්වා දුන්නේය. නායකත්වයේ ගුණාංග, සාමය සඳහා ඇති කැපවීම හා සුළු ජාතික අයිතීන් සුරැකීම යන ගුණාංගවලින් ඔහු සමන්විත බව, නෙස්බි සාමිවරයා කියා සිටියේය. මේ නිසා බ්‍රිතාන්‍යයට නව සබඳතාවලියක් සඳහා විශාල ඉඩ ප්‍රස්තාවක් විවර වී ඇති බව නෙස්බි සාමිවරයා පෙන්වා දෙයි. බ්‍රිතාන්‍යය ශ්‍රී ලංකාවේ නව නායකත්වය ඉදිරියේ විශ්වාසය තැබිය යුතු බව, සාමිවරයාගේ මතයයි. එමෙන්ම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය එළඹෙන මාර්තු මාසයේ දී ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාවලිය ඉවත් කර ගත යුතු බව ද නෙස්බි සාමිවරයා පවසයි.

    Last modified on සෙනසුරාදා, 11 ජනවාරි 2020 20:21

    Latest News