රාජිතට ඇප ලබාදීමට එරෙහිව නීතිපතිගෙන් ප්‍රතිශෝධන පෙත්සමක් (වීඩියෝ)

ජන 08, 2020
  • පසුගිය ජනාධිපතිවරණ සමයේ පැවැත්වූ සුදු වෑන් මාධ්‍ය සාකච්ජාව සම්බන්යෙන් රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටි රාජිත සේනාරත්න මහතාට ඇප ලබාදීමට එරෙහිව ප්‍රතිශෝධන පෙත්සමක් නීතිපති විසින් මහාධිකරණයට ඉදිරිපත් කර තිබේ.

    මෙම චෝදනාව සම්බන්ධයෙන් රාජිත සේනාරත්න මහතාට ඇප ලබාදීම නීතියට පටහැනි බව කරුණු දක්වමින් මෙම ප්‍රතිශෝධන පෙත්සම ගොනුකළ බව නීතිපතිගේ සම්බන්ධීකාරක අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනෙවිය ප්‍රකාශ කළාය. සුදු වෑන් මාධ්‍ය සාකච්ජාව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටි රාජිත සේනාරත්න මහතාට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් පසුගිය දෙසැම්බර් 29 වැනිදා ඇප ලබාදුනි.

    Last modified on බදාදා, 08 ජනවාරි 2020 20:28

    Latest News