නිකවැරටියේ දැරියගෙන් ප්‍රකාශයක් ගන්න පරිවාසේ නිලධාරීන් පිරිසක් රෝහලට

ජන 05, 2020

    නිකවැරටිය, කොටවෙහෙර ප්‍රදේශයේදි දැරියට අනුමානුෂික ලෙස පහරදිමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ග්‍රාමසේවක නිළධාරිනයගෙන් හෙට දින (06) පුළුල් විමර්ශනයක් ආරම්භ කරන බව කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් ගාමිණි ඉලංගරත්න මහතා පවසයි.

    විමර්ශනයෙන් පසු ග්‍රාමසේවක නිළධාරිනිය සම්බන්ධයෙන් ගත හැකි උපරිම නිතිමය ක්‍රියාමාර්ගය ගන්නා බව ඔහු වැඩදුරටත් පැවසිය.

    පහර කෑමට ලක්වු දැරිය මේ වන විට කුරුණූගල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි. පරිවාස හා ළමා රක්ෂක සේවා දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් පහරකෑමට ලක්වූ දැරියගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම අද පෙරවරුවේ දි කුරුණෑගල මහ රෝහලේදි සිදුකර ඇත.

    අත්අඩංගුවට පත් වූ නිල්මිණි රත්නකුමාරි නැමැති දැරියගේ කුඩම්මා හා ඇයගේ සහෝදරිය වන ග්‍රාම නිලධාරිනියක් වන දිල්හානි මානෙල් රත්නකුමාරි නිකවැරටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි. දැරියගේ පියා වන ජමාල්දීන් අබ්දුල් මොහොමඩ් රොෂාන් ඇපමත මුදා හැරි අතර ඔහුට මේ මස 30 වැනිදා අධිකරණයේ පෙනී සිටිමට නියෝග කෙරිණ.

    එමෙන්ම කොටවෙහෙර ග්‍රාම නිලධාරිනියගේ වැඩ තහනම් කිරීමට පියවර ගත් බවත්, සිද්ධිය විමර්ශනයට කණ්ඩායමක් කොළඹින් හෙට පිටත් කරන බවත් රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ඊයේ පැවසීය.

     

    Latest News