ඔරුගොඩවත්ත - අඹතලේ මාර්ගය අද රාත්‍රියේ වැසේ

ජන 04, 2020

    වැල්ලම්පිටිය, ඔරුගොඩවත්ත අඹතලේ මාර්ගය අද (04) රාත්‍රී 10.00 සිට හෙට (05) උදෑසන 05.00 දක්වා වසා තබන බව මාර්ග හා මහාමාර්ග අමාත්‍යාංශය පවසයි.

    ඒ, එම මාර්ගයේ පිහිටි බුත්ගමුව යකඩ පාලමෙහි අලුත්වැඩියා කටයුතු හේතුවෙන්.

    ඒ අනුව ඔරුගොඩවත්ත අඹතලේ මාර්ගයේ ගමන් ගන්නා රථ වාහන සඳහා වෙනත් විකල්ප මාර්ග භාවිත කරන ලෙස ද මාර්ග හා මහාමාර්ග අමාත්‍යාංශය රියදුරන්ට දැනුම් දෙයි.

    Last modified on සෙනසුරාදා, 04 ජනවාරි 2020 07:18

    Latest News