09 වන පාර්ලිමේන්තුවේ දෙවන සභා වාරය විවෘත කිරීම හෙට

ජන 17, 2022

    09 වන පාර්ලිමේන්තුවේ දෙවන සභා වාරය හෙට (18) විවෘත කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.

    ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පෙරවරු 10.00ට රාජාසන කතාව සිදුකිරීමට නියමිතය.

    ඉතා චාම් ආකාරයෙන් මෙම කටයුතු සිදුකිරීමට සැලසුම් කර ඇති අතර වේත්‍රධාරී, නියෝජ්‍ය වේත්‍රධාරී, සහකාර වේත්‍රධාරීවරයා, කථානායකවරයා සහ පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා විසින් ජනාධිපතිවරයා පාර්ලිමේන්තු මන්දිරය වෙත කැඳවාගෙන යනු ඇත.

    ඉන් අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය හෙවත් රාජාසන කතාව සිදුකරන අතර ඉන්පසු සභාව කල්තැබීම සිදුවෙයි.

    සභාව කල්තැබීමේ අවස්ථාවෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ආරාධිත අමුත්තන් වෙත තේ පැන් සංග්‍රාහයක් ද සංවිධානය කර ඇති බව පාර්ලිමේන්තුව සඳහන් කරයි.

    09 වන පාර්ලිමේන්තුවේ දෙවන සභා වාරය විවෘත කිරීමේ අවස්ථාවට විදේශ රාජාතාන්ත්‍රිකයින්, හිටපු ජනාධිපතිවරුන්, හිටපු අග්‍රාමාත්‍යවරුන් මෙන්ම අගවිනිසුරුවරයා, උපරිමාධිකරණ විනිසුරුවරුන් සහ නීතිපතිවරයා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගීවීමට නියමිතය.

    එම අවස්තාව ජාතික රූපවාහිනය ඔස්සේ සජීවීව නැරඹීමට සියලු කටයුතු යොදා තිබේ. සජීව විකාශය ආරම්භ වීමට පෙරවරු 9.15 සිට.

    Latest News