රාජිතගේ සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාචේ රූමිගේ ඇප අයදුම ඉවතට (විඩියෝ)

ජන 02, 2020
  • පසුගිය ජනාධිපතිවරණ සමයේ පැවැත් වු සුදු වෑන් මාධ්‍ය සාකච්ඡා සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රූමි මොහොමඩ් මහතාට ඇප ඉල්ලු මෝසම ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

    මෙම මෝසම අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ඉදිරියේ කැඳවනු ලැබුණා.

    එහිදී මහේස්ත්‍රාත්වරිය සඳහන් කළේ මෙම සිද්ධියට අදාළ නඩුව ලබන සදුදා (06) කැඳවීමට නියමිත බවයි.

    එදිනට ඇප ඉල්ලීම සිදුකරන ලෙස මහේස්ත්‍රාත්වරිය සැකකරුගේ නීතිඥවරුන්ට දැනුම් දුනි.

    ඉකුත් 31 වනදා රහස් පොලිසියට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගත් රුමී මොහොමඩ් මහතා ආන්දෝලාත්මක සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වූ පුද්ගලයින් දෙදෙනාට මුදල් ගෙවීම් සිදුකර ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී තිබෙන බව රහස් පොලිසිය විසින් අධිකරණයට දැනුම් දී තිබේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 02 ජනවාරි 2020 18:26

    Latest News