8 වැනි පාර්ලිමේන්තුවේ 4 වැනි සභාවාරය හෙට

ජන 02, 2020

    8 වැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභා වාර්ය හෙට උත්සවාකාරයෙන් විවෘත කිරීමට නියමිතයි.

    ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙනුයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 (01) අනූව පාර්ලිමේන්තු වාර අවසාන කිරීමට ජනාධිපතිතුමාට බලය හිමිවෙයි. ඒ අනූව, පසුගිය දෙසැම්බර් 2 වැනිදා පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමට ජනාධිපතිතුමා තීරණය කළේය. අනතුරුව නව සභාවාරය විවෘත කිරීම හෙට පෙරවරු 9.00ට ආරාධිත අමුත්තන්ගේ පැමිණීම්ත සමග ආරම්භ වෙයි. එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සම්ප්‍රාප්තිය පළමුවෙන් සිදුවීමට නියමිතයි. අනතුරුව, කථානායකවරයාගේත්, අග්‍රාමාත්‍යවරයාගේත් පැමිණීම සිදුවෙයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සම්ප්‍රාප්තිය සිදුවන්නේ ඉන් අනතුරුවයි.

    ජනාධිපති ධජය උඩුකුඹු කිරීම සහ ජනාධිපතිතුමා වෙනුවෙන් සම්මාන වෙඩිමුර 21ක් සමග උත්තමාචාර පිරිනැමීම ද ඉන් අනතුරුව සිදු කෙරේ. ජනාධිපතිතුමා, පාර්ලිමේන්තු මන්දිරය වෙත කැඳවාගෙන යාමෙන් අනතුරුවයි, සභා වාරය විවෘත කෙරෙන්නේ. එහිදී නව ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් සභාවට ඉදිරිපත් කිරීමට නියමිතයි. අනතුරුව ජනාධිපතිතුමා විසින් පාර්ලිමේන්තු රැස්වීම කල් තැබේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 02 ජනවාරි 2020 07:27

    Latest News