2020 නව වසර උදා වෙයි

ජන 01, 2020

    2020 නව වසර ශ්‍රී ලංකා වාසී ජනතාව ඉතා උණුසුම් අයුරින් පිළිගනිමින් නව වසර සැමරීම වෙනුවෙන් ඊයේ රාත්‍රීය පුරා විවිධ උත්සව සංවිධාන කර තිබුණි.

    ලෝකයේ පළමුවෙන් නව වසර උදාවුණේ සැමෝවා සහ කිරිබර්ටි යන රාජ්‍යයන්ටයි. අනතුරුව නවසීලන්තය සහ ඔස්ට්‍රේලියාව යන රටවලට නව වසර උදාවිය. එහෙත් අමෙරිකාව ඇතුලු තවත් රටවල් රැසකට නව වසර උදාවීමට තවත් හෝරා කිහිපයක් ගත වනු ඇති.

    නව වසර සැමරීම සඳහා ලොව පුරා රටවල් රැසක විවිධ උත්සව සංවිධානය කර තිබිණ. එහිදී දැවැන්ත ගිනිකෙළි සංදර්ශනවලට මුලික තැනක් හිමි වී තිබුණි.

    Last modified on බදාදා, 01 ජනවාරි 2020 07:21

    Latest News