ඉන්දියාව තුළ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යාමත් සමඟ මෙරට මුහුදු සීමාවල ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන ඇති බව නාවික හමුදාපති අද්මිරාල් පියල් ද සිල්වා මහතා පවසයි.

කොරෝනා වෛරය පැතිරීම පාලනය සදහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් විෂබීජහරණ කුටියක් නිර්මාණය කිරීමට සමත් වී ඇත.

බලපත්‍ර රහිත පිටතදහන යන්ත්‍රයක් සමග පුද්ගලයින් දෙදෙනෙක් මන්නාරම, වන්කාලෙයිපාඩු ප්‍රදේශයේ දී නාවික හමුදා බාරයට ගැනිණ.

ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් නෞකාවන් සමග පැවති සාර්ථක නාවික අභ්‍යාසයකින් පසුව රාජකීය ඔස්ට්‍රේලියානු නාවික හමුදාවට අයත් පැරමැටා (HMAS Parramatta) නෞකාව ඊයේ(11) දිවයිනෙන් පිටත්ව ගිය බව නාවික හමුදාව සදහන් කරයි. 

යාපනය, නගර්කොවිල් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදේ මුහුදේ පාවෙමින් තිබූ තෙත සහිත කේරළ ගංජා කිලෝග්‍රෑම් 281 කට ආසන්න ප්‍රමාණයක් හමුව තිබේ. නාවික හමුදාව කළ මුර සංචාරයක දී මේවා සොයා ගැනිණ.

දකුණු නාවික විධානයේ සුනඛ සංචිතයක් ආරම්භ කළ බව නාවික හමුදාව සදහන් කරයි.

සේවයට වාර්තා නොකර සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට නීත්‍යානුකූලව අස්වීම ලබාදීමට හෝ නැවත සේවයට වාර්තා කිරීම සඳහා පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කර තිබේ.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දෙවන වරටත් සංවිධානය කරනු ලබන ‘කොළඹ නාවික අභ්‍යාසය’ (Colombo Naval Exercise - CONEX 20) අද (27) ආරම්භ කෙරුණු අතර, එය 2020 ජනවාරි 31 වන දින දක්වා කොළඹ මුහුද ආශ්‍රිතව පැවැත්විමට කටයුතු සුදානම් කර ඇත.

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීම සඳහා පකිස්තානු නාවික හමුදාධිපති, අද්මිරාල් සෆර් මහමුද් ඊයේ ( 25) දින කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් දිවයිනට පැමිණෙනි.

නාවික හමුදාව විසින් ගතවූ පැය 72ක කාලය තුළ දිවයින වටා සිදුකරන ලද මෙහෙයුම් මගින් කේරළ ගංජා කිලෝ 182 ග්‍රෑම් 465ක් නාවික හමුදා භාරයට ගැනීමට සමත්වී ඇත.

Latest News