දකුණු නාවික විධානයේ සුනඛ සංචිතයක්

පෙබ 19, 2020
    දකුණු නාවික විධානයේ සුනඛ සංචිතයක් ආරම්භ කළ බව නාවික හමුදාව සදහන් කරයි.
    දකුණු නාවික විධාන භාර ආඥාපති රියර් අද්මිරාල් කස්සප පෝල් මහතා විසින් ඊයේ (18) මෙය ස්ථාපිත කරන ලදි.
    ඒ අනුව, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ උපදෙස් පරිදි මෙම සුනඛ සංචිතයේ සිටින ඉව අල්ලන සුනඛයින් යොදා ගනිමින් ප්‍රදේශයේ බහුලව පවතින නීති විරෝධී පුපුරන ද්‍රව්‍ය සෙවීම, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය, සැකකටයුතු පුද්ගලයින් සහ සැඟවූ මත්ද්‍රව්‍ය සොයාගැනීම වැනි මෙහෙයුම් ඉදිරියේදී සාර්ථකව සිදුකිරීම අපේක්ෂා කෙරේ.
    Last modified on බදාදා, 19 පෙබරවාරි 2020 11:31

    Latest News