මෙරට මුහුදු සීමාවේ ආරක්ෂාව තර කෙරේ

අප්‍රේ 10, 2020

    ඉන්දියාව තුළ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යාමත් සමඟ මෙරට මුහුදු සීමාවල ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන ඇති බව නාවික හමුදාපති අද්මිරාල් පියල් ද සිල්වා මහතා පවසයි.

    ඒ සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ද සහය හිමිව ඇති බව ඔහු සඳහන් කළේය. ධීවර කටයුතු සඳහා පවසමින් දකුණු ඉන්දියාවේ සිට පුද්ගලයින් මෙරටට ඇතුළු වීමේ වැඩි ඉඩකඩක් පවතින බවයි, නාවික හමුදාපතිවරයා ප්‍රකාශ කළේ. ඒ අනුව යාත්‍රා සංඛ්‍යාව ඉහළ නංවමින් පැය 24 පුරාම ආරක්ෂක කටයුතු තර කිරීමට පියවර ගෙන තිබේ.

    Last modified on සිකුරාදා, 10 අප්‍රේල් 2020 12:06

    Latest News