පකිස්තානු නාවික හමුදාපති දිවයිනට

ජන 26, 2020

    ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීම සඳහා පකිස්තානු නාවික හමුදාධිපති, අද්මිරාල් සෆර් මහමුද් ඊයේ ( 25) දින කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් දිවයිනට පැමිණෙනි.

    ශ්‍රී ලංකා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල්ද සිල්වා ගේ ආරාධනාවක් මත පකිස්තානු නාවික හමුදාධිපති, අද්මිරාල් සෆර් මහමුද් ඊයේ දින, දින පහක (05) නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි අතර, ඔහු තම නිල සංචාරය තුළදි නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා හමුවීමට නියමිතයි.

    තවද පකිස්තානු නාවික හමුදාධිපති, අද්මිරාල් සෆර් මහමුද් දිවයිනේ රැදී සිටින කාලය තුළ දී යුධ හමුදාධිපති, ගුවන් හමුදාධිපති සහ ආරක්‍ෂක ලේකම් වරයාද හමුවිමට නියමිතව ඇත.

    එසේම, තම නිල සංචාරය තුළදි පකිස්තානු නාවික හමුදාධිපති, අද්මිරාල් සෆර් මහමුද් විවිධ වැඩසටහන් රැසකටම සහභාගී වීමට නියමිත අතර, එතුමන් තම නිල සංචාරය නිමා කරමින් ජනවාරි මස 29 වැනි දින දිවයිනෙන් පිටත් වීමට නියමිතය.

    Latest News