ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් විෂබීජහරණ කුටියක්

මාර් 26, 2020

    කොරෝනා වෛරය පැතිරීම පාලනය සදහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් විෂබීජහරණ කුටියක් නිර්මාණය කිරීමට සමත් වී ඇත.

    නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ උපදෙස් මත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මේ වන විට මහජනතාව ගැවසෙන පොදු ස්ථාන මෙන්ම පෞද්ගලික ආයතන පරිශ්‍රයන්ද කේන්ද්‍ර කර ගනිමින් විෂබීජහරණ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරමින් සිටී. ඒ අනුව නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත ඉංජිනේරු කාර්මික නාවික පුද්ගයින් පිරිසක් විසින් විෂබීජ හරණය සිදු කළ හැකි නවතම ක්‍රමයක් සොයා ගැනීමට සමත් වී ඇත.
    විෂබීජහරණ කුටියක් ලෙස නිර්මාණය කර ඇති මෙම නිර්මාණය මගින් එකවර මුළු ශරීරයේම විෂබීජහරණය කිරීමට හැකියාව ඇත. නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල්ද සිල්වාගේ උපදෙස් මත මෙම සොයා ගැනීම දැනට නාවික හමුදා කඳවුරු කිහිපයකම ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරනු ලබන අතර ඉන් එක් යන්ත්‍රයක් නාවික හමුදා මූලස්ථානයට ඇතුල්වන ප්‍රධාන දොරටුවෙහිද ස්ථාපනය කිරීමට කටයුතු කරන ලදි.

    විශේෂයෙන් අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස නාවික හමුදා සමාජිකයින් රටේ පවතින වාතාවරණය මත අත්‍යාවශ්‍ය සේවාවන් සඳහා කඳවුරු වලින් බැහැරව රාජකාරි සිදු කර නැවත පැමි‍ණීමේදී ඔවුන් විෂබීජ හරණයකොට සෞඛ්‍යාරක්‍ෂිත වටපිටාවක් කඳවුර තුල පවත්වා ගැනීම තුලින් නාවික හමුදාවේ නිරෝගිමත් මානව සම්පතක් පවත්වා ගැනීමත් මෙවැනි අවස්ථාවක ඉතා අත්‍යාවශ්‍ය කරුණක් ලෙස සැළකේ.

    Latest News