මදුරගේ නඩුවට අධිකරණයෙන් දුන් තීන්දුව

නොවැ 01, 2024
    නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් කොළඹ දිස්ත්‍රික්කය සඳහා මැතිවරණයට ඉදිරිපත්ව සිටින නීතිඥ මධුර විතානගේ මහතාට අයත් පුද්ගලික බස් රථයක් මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා යොදාගත් බවට චෝදනා කරමින් එහි රියැදුරට එරෙහිව ගොනු කර තිබෙන පැමිණිල්ලක් පවත්වාගෙන යාමට නොහැකි බව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

    ඒ අනුව අදාල බස් රථය සහ එහි රියැදුරු මුදා හරින ලෙසත් අධිකරණය නියෝග කෙරුණා.

    නියෝගය ප්‍රකාශයට පත් කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා සඳහන් කළේ යම් අපේක්ෂකයෙකුට සිය පෞද්ගලික වාහනය මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා යොදාගත හැකි බව මැතිවරණ කොමිසම විසින් නිකුත් කළ උපමාණවල සඳහන්ව තිබෙන බවයි.
    විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අදාළ බස් රථය මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා යොදාගත් බවට චෝදනා කරමින් දෙවතාවක් අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරිපත් කර ඇති බවත් මෙය දේශපාලන පළිගැනීමක් බවත් චෝදනා කළා.
    ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කෙරුණා.
    Last modified on සිකුරාදා, 01 නොවැම්බර් 2024 14:36

    Latest News