කොරෝනා වෛරසය නිසා මියගිය සංඛ්‍යාව පුද්ගලයින් 132ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ආසාදනය වූ නව රෝගීන් සංඛ්‍යාව 6000කට ආසන්න බව වාර්තා වෙයි.

චීනයේ, වූහාන් ප්‍රදේශයේ සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකික සිසුන් දියතලාව හමුදා කඳවුරේ විශේෂ මධ්‍යස්ථානයක් වෙත යොමු කරන බව, සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

කොරෝනා වෛරසයට මුහුණ දීම සඳහා ජාතික බෝවන රෝග විද්‍යායතනය (IDH) හා කළුතර,බදුල්ල,රාගම,ගම්පහ,මීගමුව ඇතුළු දිවයිනේ ප්‍රධාන රෝහල් 12ක් සූදානම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 

චීනයේ කොරෝනා වෛරසය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 106 දක්වා ඉහළ ගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ, එක් දිනක් තුළ ආසාදිතයින් වාර්තා වූ සංඛ්‍යාව දෙගුණයක් වූ බවයි.

ශ්‍රී ලංකාවෙන් ප්‍රථම කොරෝනා වෛරස් ආසාදිතයා හමුවූ බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.

චීනයේ සිටින ශ්‍රී ලාංකික සිසුන් මේ වන විට යලි ශ්‍රී ලංකාව බලා ඒම ආරම්භ කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර සිටියි.

ලොව පුරා කොරෝනා වෛරසය ආසාදිත වූවන්ගේ සංඛ්‍යාව 800 ඉක්මවා ගොස් තිබේ.

නව වර්ගයේ නෝවල් කොරොනා වෛරස් නියුමෝනියාව පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ රැස්වීමට චීනය සහභාගී වන බව චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Geng shuang මහතා පවසයි.

Latest News