කොරෝනා වෛරසය මේ වන විට රටවල් 110ක ව්‍යාප්ත වී තිබේ. වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව එක් ලක්ෂ දහතුන් දහස ඉක්මවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

කොරෝනා වෛරස් තත්වය ගෝලීය වසංගත තත්වයක් බවට පත්වීමට ආසන්න බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. මෙය ලොව පුරා ව්‍යාප්තවීමේ අවධානමක් ඇති බවයි, එම සංවිධානය පෙන්වා දෙන්නේ.

දකුණු කොරියාවේ සිට අද අළුයම පැමිණි ගුවන් මගීන් 160 දෙනෙකු නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීම මේ වන විට සිදු කෙරෙමින් පවතියි.

කොරෝනා වෛරසය හේතුවෙන් එක්කෝටි හැට ලක්ෂයක ජනතාවක් නිරෝධායනය කිරීමට ඉතාලිය සූදානම් වෙයි.

කොරෝනා වෛරස් රෝගීන් නිරෝධායන කිරීමට යොදාගත් චීනයේ ගුවුන්ෂැ නගරයේ පස් මහල් හෝටලයක් කඩා වැටීමෙන් 70 දෙනෙක් ඒ තුළ හිරවී ඇති බවයි, චීන මාධ්‍ය වාර්තා කරන්නේ.

කොරෝනා වෛරසය පැතිර යන රටවල්වල සිට මෙරටට පැමිණෙන්නන් හෙට සිට නිරෝධායන මධ්‍යස්ථාන 2ක් සඳහා යොමු කෙරේ. සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරන්නේ, ඒ සඳහා මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලය සහ කන්දකාඩු ප්‍රතිකාර හා පුනුරුත්ථාපන මධ්‍යස්ථානය යොදා ගන්නා බවයි.

විදෙස්ගතව සිට පැමිණෙන සිසුන්, ගුරුවරුන් සහ කාර්ය මණ්ඩල නියෝජිතයන් දින 14ක නිරෝධායන කාලයකට යොමුකිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

කොවිඩ් 19 වෛරසයෙන් බ්‍රිතාන්‍යයේ සිදුවූ පළමු මරණය ද ඊයේ වාර්තා විය.

කොරෝනා වෛරස් ව්‍යාප්තිය නිසා සංචාරක ක්ෂේත්‍රයට සිදුව ඇති බලපෑම සම්බන්ධයෙන් ක්‍රියාකිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ හා සංචාරක මණ්ඩලයේ සම්බන්ධීකරණයෙන් වැඩපිළිවෙළක් සකස් කෙරේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා හෝටල් සංගමයේ සාමාජිකයන් අතර පැවති සාකච්ජාවක දී මේ බව තීරණය කෙරිණ.

'කොවිඩ් 19' නොහොතේ කොරෝනා වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා අද සිට දින 10ක කාලයක් සියලුම පාසල් වසා දැමීමට ඉතාලිය තීරනය කර තිබේ.

Latest News