මෙරට පළමු කොරෝනා වෛසරය ආසාදිත රෝගියා වාර්තා වෙයි

ජන 28, 2020

    ශ්‍රී ලංකාවෙන් ප්‍රථම කොරෝනා වෛරස් ආසාදිතයා හමුවූ බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.

    ආසාදිතයා චීනයේ හුබේ ප්‍රාන්තයේ සිට මෙරටට පැමිණි 43 හැවිරිදි චීන ජාතික කාන්තාවක්. ඇය මේ වන විට ජාතික බෝවන රෝග විද්‍යායතනයට ඇතුළත් කර සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කරයි.

    රෝගය පැතිරීම වැළැක්වීමට ගත යුතු සියලු ක්‍රියාමාර්ග ගනිමින් සිටින බැවින් ජනතාව අනියත බියක් ඇතිකර නොගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දෙයි.

    Last modified on අඟහරුවාදා, 28 ජනවාරි 2020 08:29

    Latest News