ජපානයේ මගි නෞකාවක වෛරසය ආසාතියන් 20 දෙනෙකු සොයා ගැනිණ. ඒ සමග යාත්‍රාවේ සිටි 3,700ක පමණ පිරිසක් නිරෝධායන කටයුතු සඳහා දින 14ක කාලයක් එහි රැඳවීමටයි ජපාන බලධාරීන් තීරණය කර ඇත්තේ.

කොරෝනා වෛරසය හේතුවෙන් චීනයේ මියගිය සංඛ්‍යාව 563 දක්වා ඉහළ ගොස් තිබේ. රෝගය ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා වන්නේ 28,276ක් ලෙසින්.

කොරෝනා වෛරස් රෝගයට බියේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම කල් දැමිය යුතු නැති බව ප්‍රවාහන කළමනාකරණ විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමරවීර මහතා පවසයි. සංවර්ධන ව්‍යාපෘති සති දෙකක් නොව දවසක් ප්‍රමාද වුවත් විශාල පාඩුවක් සිදුවන බ වයි, අමාත්‍යවරයා පවසන්නේ. ඔහු මේ බව ප්‍රකාශ කළේ අගුනකොළ පැලැස්සේ වතුකන්ද විහාරස්ථානයේ පැවැති උත්සවයකට සහභාගී වෙමින්.

කොරෝනා වෛරසය හේතුවෙන් මේ වන විට මරණ 427ක් වාර්තා වී තිබේ. ආසාදිතයින් සංඛ්‍යාව 20,000 ඉක්මවන බවයි, සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.

කෙරෝනා වෛරස් රෝගය ඇතුලු වෛරස් රෝග මැඩලීමට සහ පාලනය සදහා ආයුර්වේදයේ ඇති පිළියම් සහ ඉදිරියේ දී වෛරසය පැතිරීම පාලනය සදහා දේශීය වෛද්‍ය ක්‍රමය තුලින් ගත හැකි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද පිළිබවත් සාකච්ඡාවක් සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ.

මේ වන විටත් වූහාන් නගරය දැඩි පරීක්ෂණවලට භාජනය කෙරෙන අතර එම නගරයට අමතර සෞඛ්‍ය කාර්ය මණ්ඩල යැවීමට බලධාරීන් පියවර ගෙන තිබේ.

කොරෝනා වෛරසය පාලනය කිරීමේ දී අඩුපාඩු සහ වැරදි සිදුවූ බව චීනය සඳහන් කරයි. ඉහළ පෙළේ චීන බලධාරියෙක් සඳහන් කර ඇත්තේ, එරට ජාතික හදිසි තත්ව කළමනාකරණ පද්ධතිය වැඩිදියුණු කළ යුතු බවයි.

කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලැබූ චීන ජාතික කාන්තාව පිළිබඳ තවදුරටත් පසු විපරම් සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැක කර මේ වන විට ජාතික බෝවන රෝග විද්‍යායතනයට මේ සතිය ඇතුලත රෝගීන් 71 ක් පමණ ඇතුලත් කර තිබෙන බව, රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක මහතා පවසයි.

කෙරෝනා වෛරසය හේතුවෙන් චීනයෙන් පිටත මියගිය පළමු රෝගියා ඊයේ වාර්තා විය. ඒ පිලිපීනයෙන්.

Latest News