චීනයේ සිටින ශ්‍රී ලංකික සිසුන් පැමිණීම ඇරඹේ (වීඩියෝ)

ජන 27, 2020
  • චීනයේ සිටින ශ්‍රී ලාංකික සිසුන් මේ වන විට යලි ශ්‍රී ලංකාව බලා ඒම ආරම්භ කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර සිටියි.

    ඒ අනුව ටියෑන්ජින් නුවර සිටින සිසුන් 21 දෙනෙකු අද (27) දහවල් ශ්‍රී ලංකාව බලා ඒමට පිටත්වූ බව බිජිං හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කර තිබේ.

    ජනාධිපති ලේකම් කාර්යාලය, විදේශ කටයුතු අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, චීනයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ශ්‍රී ලන්කන් ගුවන් සේවය එක්ව චීනයේ සිටින ලාංකික සිසුන් යලි සිය රට ගෙන ඒමේ වැඩපිළිවෙළ ක්‍රියාවට නංවමින් සිටියි.

    සිචුආන් ප්‍රාන්තයේ සහ අනෙක් ස්ථානවල සිටින ලාංකික සිසුන් මේ වන විට ගුවන් තොටුපළවල් කරා බස් රථ මගින් ගෙන ඒමේ වැඩපිළිවෙල මේ වන විට ආරම්භ කර ඇත. නැනින් නගරයේ වෙසෙන ලාංකික සිසුන් 30 දෙනෙක් ද මෙම පිරිස සමග එක්වීමට නියමිතව ඇත. එමෙන්ම දැනට වසා දමා ඇති වුහාන් නගරයේ වෙසෙන ලාංකික සිසුන් ඉන් පිටතට රැගෙන ඒමේ වැඩපිලිවල සම්බන්ධයෙන් ලාංකික බලධාරීන් චීන බලධාරින් සමග සාකච්ජා කිරීම ආරම්භ කර ඇත.

    නැවත ලංකාවට එන සිසුන් සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සමාගම විසින් සියයට 50ක වට්ටමක් ඔවුන්ගේ ගුවන් ප්‍රවේශ පත්‍ර සඳහා ලබාදීමට පියවර ගෙන ඇත. ශ්‍රී ලන්කන් ගුවන් සේවය සම්බන්ධ කර ගැනීම සඳහා ඔවුන්ගේ පාරිභෝගික සේවා අංකය ඔස්සේ හැකිවන අතර තෙවන පාර්ශවිය ක්‍රෙඩිට් කාඩ් පත් මගින්ද ගුවන් ප්‍රවේශ පත්‍ර වෙන් කර ගැනීමේ පහසුකම චීනයේ සිටින ලාංකික සිසුන්ට ලබාදී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කර සිටියේ.

    චීනයේ සිටින ලාංකික සිසුන් ගේ තොරතුරු එක් රැස් කිරීම මේ වන විට අවසන් කර ඇත. එමෙන්ම කොරෝනා වෛරසය මැඩලීමේ ජාතික ක්‍රියාකාරී කමිටුව අද දිනයේදී රැස්වීමට නියමිතව ඇත.

    චීනයේ සිට පැමිණෙන ලාංකික සිසුන්ට වෛද්‍ය පරීක්ෂණ සඳහා පෙනී සිටින ලෙසයි රජය උපදෙස් ලබාදී ඇත්තේ. එමෙන්ම ඔවුන්ගේ ශරීර උෂ්ණත්වය සම්බන්ධයෙන් කල්පනාකාරීව සිටින ලෙස සෞඛ්‍ය අංශ දැනුවත් කර සිටියි. එමෙන්ම එලෙස පැමිණෙන අය අවම දින 20 ක කාලයක් ආරක්‍ෂිත මුඛ ආවරණ පළදින ලෙසයි දැනුවත් කර ඇත්තේ.

    එමෙන්ම චීනයේ සිට පැමිණෙන මගින් කටුනායක ගුවන් තොටුපලේදී වෙනම මාර්ගයකින් රැගෙන ගොස් වෛද්‍ය පරීක්ෂණයකට ලක් කිරීමේ වැඩපිළිවලක් සිවිල් ගුවන් සේවා අධිකාරිය මේ වන විට ආරම්භ කර ඇත.

    Last modified on සදුදා, 27 ජනවාරි 2020 20:17

    Latest News