කොවිඩ් 19 වෛරසය හේතුවෙන් මේ වන විට ලොව පුරා මියගොස් ඇති සංඛ්‍යාව 2,470ක්. 78,999ක පමණ පිරිසකට වෛරසය ආසාදනය වී ඇති අතර සුවය ලැබූ පිරිස 23,577ක් ලෙසයි වාර්තා වන්නේ.

කොරෝනා වෛරස් හෙවත් කොවිඩ් 19 වංසගත ව්‍යාප්තියත් සමග වැනිසීයේ සුප්‍රකට සැණකෙළිය නවතා දැමීමට එරට බලධාරීන් තීරණය කර තිබේ.

දකුණු කොරියාවේ වෙසෙන විසි දහසකට අධික ශ්‍රී ලාංකිකයන්ගේ තත්වය පිළිබඳ දැඩි විමසිල්ලෙන් පසුවන බවයි, විදෙස් සබඳතා අමාත්‍යාංශය පවසන්නේ.

ලෝක සෞඛ්‍ය සංවිධාන අධ්‍යක්ෂ ජනරාල්වරයා නව කොරොනා නියුමෝනියා වසංගතය පැතිරීම වැළැක්වීමේ විශේෂ නියෝජිතයින් 6දෙනෙකු නම් කරයි.

කොරෝනා වෛරසය චීන බන්ධනාගාරවල රැඳවියන් 100කට වැඩි පිරිසකට ආසාදනය වී ඇති බව බලධාරීන් පවසයි.

නව කොරෝනා වෛරසය ආසාදනය වී ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබා සම්පූර්ණයෙන්ම සුවය ලැබූ චීන ජාතික කාන්තාව අද (19) එම රෝහලෙන් පිටව ගියාය.

ජපානයේ ඩයමන්ඩ් ප්‍රින්සස් මගී නෞකාවේ සිටින ශ්‍රී ලාංකිකයින් දෙදෙනා ආරක්ෂිතව සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

කොවිඩ් 19 වෛරසයෙන් චීනයේ පමණක් මියගිය සංඛ්‍යාව 1,770 ඉක්මවා තිබේ.

වෛරසයෙන් මේ වන විට මියගොස් ඇති සංඛ්‍යාව 1,775ක්. ආසාදිතයින් සංඛ්‍යාව 71,329ක් ලෙසයි වාර්තා වන්නේ.

කොරෝනා වෛරසය නොහොත් කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වූ පුද්ගලයින් හඳුනාගැනීමත් සමග ජපානයේ යොකොහාමා වරායේ නිරෝධායන ක්‍රියාවලිය සිදු කෙරෙන ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ සිටි තම ජාතිකයින් ඉන් ඉවත් කර ගැනීමට අමෙරිකාව කටයුතු කර තිබේ.

Latest News