"කොවිඩ් 19" නොහොත් කොරෝනා වෛරසයෙන් යුරෝපයේ දිනක් තුළ වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව ඉකුත් පැය 24 තුළ වාර්තා වෙයි.

කොරොනා වෛරසය පැතිරයෑමේ අවධානම හේතුවෙන් සති 2ක කාලයක් යනතුරු විශාල පිරිසක් රැස්වන අවස්ථා සඳහා අනුමැතිය ලබා නොදීමට තීරණය කර තිබේ.

මේ දිනවල ව්‍යාප්තව පවතින කොරෝනා වෛරසය හේතුවෙන් විදේශ රැකියා පුහුණු පාඨමාලාවන් තාවකාලිකව අත්හිටුවයි

COVID-19 වෛරසයට එරෙහිව සටන් වැදීම සඳහා ක්‍රමෝපායක් සැකසීම සම්බන්ධව ඉන්දීය අගමැති මෝදිගේ ප්‍රකාශයට, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රතිචාර දක්වයි.

කොරෝනා වෛරසයට එරෙහිව සටන් වැදීම සඳහා ශක්තිමත් ක්‍රමෝපායක් සැකසීමට දකුණු ආසියාතික රටවල නායකත්වය එක්විය යුතු බවට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි twitter ඔස්සේ අදහස් දක්වා තිබිණි.

ඊට පිලිතුරු ලෙස ජනාධිපතිවරයා ට්විටර් පණිවුඩයක් යොමු කරමින් සඳහන් කළේ එවැනි සංවාදයක් සඳහා එක්වීමට ශ්‍රී ලංකාව සූදානම්ව සිටින බවයි. තමන් සතුව ඇති දැනුම සහ යහභාවිත බෙදා ගැනීමටත් සාක් සංවිධානයේ සාමාජික අනිකුත් රටවලින් ඉගෙන ගැනීමටත් හුවමාරු කර ගැනීමටත් එමගින් අවස්ථාවක් සැලසෙන බව එම පණිවුඩයේ සඳහන් වේ. එමෙන්ම මෙම තීරණාත්මක අවධියේ ජනතාවගේ සුරක්ෂිතතාව උදෙසා සහෝදරත්වයෙන් එක්විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය පණිවුඩයෙන් අවධාරණය කර තිබේ.

වසංගත පාලනය හා වැළැක්වීම පිළිබඳ චීනයේ අත්දැකීම් සමග නව කොරෝනා වෛරස රෝගයට එරෙහිව සටන් කිරීමට චීනයේ විශේෂ කණ්ඩායමක් අද ඉතාලියට ළගා විය. මේ වනවිට ඉතාලියේ ආසාදිතයන් 12,000ක් හා මරණ 1,000කට වැඩි පිරිසක් වාර්තා වී තිබේ.

විදේශ රටවල සිට මෙරටට පැමිණි 213 දෙනෙකු නිරෝධායනය සඳහා වවුනියාව පම්පමඩුව යුද හමුදා කඳවුර වෙත ඊයේ සවස රැගෙන යනු ලැබීය. ඒ විශේෂ බස්රථ 6කින්. එම කඳවුරේ නිරෝධායන කටයුතු සඳහා සියලු පහසුකම් සළසා තිබේ.

රටවල්‌ 3ක් සඳහා ශ්‍රී ලංකාවට ඇතුල්වීම සති දෙක කාලයකට තහනම්‌ කර තිබේ.

කොරෝනා හෙවත්‌ "CoVID-19‌' වෛරසය පිළිබඳ රාජ්‍ය ආයතනවල කාර්යමණ්ඩලය දැනුවත්‌ කිරීමේ වැඩසටහනක්‌ ආරම්භකර තිබේ.

නව කොරෝනා වෛරසය ආසාදනය වූ බවට මෙරටදී හඳුනාගත් පළමු ශ්‍රී ලාංකික ආසාදිතයාගේ පවුලේ සියලු දෙනා මේ වන විට නිරෝධායනයට ලක් කර ඇති බව රජය පවසයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් මේ බව සදහන් කරනු ලැබේ.
ලොව ජනප්‍රිය මෙන්ම ඔස්කාර් සම්මානලාභි හොලිවුඩ් නළුවෙක් වන ටොම් හෑන්ක්‌ස් සහ ඔහුගේ බිරිඳ රීටා විල්සන්, නව කොරෝනා වෛරසයට ගොදුරුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

Latest News