කොරොනා වෛරසය ගැන සෞඛ්‍ය සංවිධාන සමුළුවට චීනයත් එක්වෙයි

ජන 22, 2020

    නව වර්ගයේ නෝවල් කොරොනා වෛරස් නියුමෝනියාව පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ රැස්වීමට චීනය සහභාගී වන බව චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Geng shuang මහතා පවසයි.

    එහිදී නව වර්ගයේ නෝවල් කොරොනා වෛරස් නියුමෝනියාව පැතිරීයාමේ තත්ත්වය පිළිබඳ අදහස් හුවමාරු කර ගැනීමට නියමිතයි. ඒ ඒ රටවල් හා ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥයෝ අදාළ තත්ත්වය කෙරෙහි විද්‍යාත්මක පර්යේෂණ පැවැත්වීමට නියමිතයි.

    එමෙන්ම Geng shuang මහතා අදාළ තොරතුරු විස්තර කරමින් ප්‍රකාශ කළේ එම සිද්ධිය සිදු වීමෙන් පසු එම වෛරස් ව්‍යාප්තිය පාලන කටයුතු වලට චීනය ඉහළින් අවධානය යොමු වී ඇති බවයි.

    එය වැළැක්වීමේ කටයුතු ක්‍රියාත්මක කළ බවත් චීනය පවසයි.

    විවෘතව, විනිවිදභාවයෙන් හා ලෝක සෞඛ්‍ය ආරක්ෂාව කෙරෙහි වගකිව යුතු ආකාරයෙන් චීනය නියම වේලාවට ලෝක සෞඛ්‍ය සංවිධානය, අදාළ රටවල් හා ප්‍රදේශ වලට එම වෛරසයේ ව්‍යාප්ති තත්ත්වය දැනුම් දී තිබෙන බව Geng shuang මහතා ප්‍රකාශ කළේ.

    Last modified on බදාදා, 22 ජනවාරි 2020 12:03

    Latest News