චීනයේ වූහාන් නගරයෙන් පළමුවරට හදුනා ගැණුන කොරොනා වෛරසය අද වනවිට ලොව පුරා රටවල් රැසක සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතියි.

චීනයේ වූහාන් නගරයේ සිටින ශ්‍රී ලාංකික සිසුන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා ශ්‍රීලන්කන් ගුවන් සේවයේ UL1422 දරණ ගුවන් යානය මීට සුළු මොහොතකට පෙර පිටත්වී ඇති වාර්තාවේ.

චීනයේ පළමු කොරෝනා ප්‍රතිකාර රෝහල හුවාංෂෝ ප්‍රදේශයේ (Huangzhou) දී (29) විවෘත කෙරිණ.

නැවත ශ්‍රී ලංකාවට පැමිණීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය හුබෙයි පළාතේ චීන සමාගම් සේවකයින්ට උපදෙස් දී තිබේ.

කොරෝනා වෛරසය පිළිබඳව සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ පිරිස් දැනුවත් කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබේ.

කොරෝනා වෛරසයට එරෙහිව සටන් කිරීම සඳහා සමස්ත ලෝකයම අවධානයෙන් සිටිය යුතු බව, ලෝක සෞඛ්‍ය සංවිධානයේ සෞඛ්‍ය හදිසි අවස්ථා ප්‍රධානියා පවසයි.

කොරෝනා වෛරසය ආසාදනය වීමේ තත්වයෙන් මෙරට පාසල් දරුවන් ආරක්ෂා කරගැනීම වෙනුවෙන් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග සම්බන්ධ ව සියලු පළාත්, කලාප සහ කොට්ඨාස අධ්‍යාපන බලධාරීන් හා ජාතික පාසල් විදුහල්පතිවරුන් දැනුවත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

කොරෝනා වසංගතය කෙරෙහි වැඩි අවධානයක් යොමුකර ඇති චීන බලධාරීන් එය තවදුරටත් පැතිරීම වැළැක්වීම සඳහා උපරිම පියවරගෙන තිබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

මැදපෙරදිග පළමු කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයා එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් (UAE) වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

චීනයේ අධයාපනය ලැබූ තවත් ශ්‍රී ලාංකික සිසුන් පිරිසක් ඊයේ රාත්‍රී දිවයිනට පැමිණ තිබේ. ඔවුන් අධයාපනය ලැබුවේ චීනයේ ගුවැන්ෂු නුවරයි.

Latest News