කන්දකාඩුව නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි අයෙක් ඇතුළු රෝගීන් දෙදෙනෙක් කොරෝනා වෛරසය ආසාදිත බවට සැක පිට පොළොන්නරුව රෝහලට අතුළත් කර තිබේ.

කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ගෝලීය වසංගත තත්වයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශයට පත් කර තිබේ. යුරෝපයේ වැඩිම බලපෑමට ලක්ව ඇති ඉතාලිය ද ඒත් සමගම එරට ආහාර අලෙවිසැල් හා ඖෂධහල් හැර අනෙකුත් සියලුම කඩ සාප්පු ද වසා දැමීමටයි, කටයුතු කර ඇත්තේ.

මේ වසරේ පැවැත්වීමට නියමිතව තිබූ ලොව විශාලතම සංගීත උළෙල ලෙස සැලකෙන කෝචෙල්ලා සංගීත හා කලා උළෙල කල්දමා තිබේ.

කොරෝනා වෛරසය මෙරට දී ආසාධිත පළමු ශ්‍රී ලාංකිකයා ඊයේ (10) පස්වරුවේ හඳුනා ගැනුණු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

කොරෝනා වෛරසය හෙවත් 'කොවිඩ් - 19' ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වීමේ අවදානමක් ඇති බැවින් ඉන් වැළකීමට  ආරම්භ කර ඇති වැඩපිළිවෙළට සහය වන්නැයි රජය ජනතාවගෙන් ඉල්ලා සිටියි. ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය නිකුත්කර කරමින් මේ බව කියා සිටියි. මේ වන විට ලෝකය පුරා රටවල් රැසක් වෛරසය ව්‍යාප්ත වෙමින් පවතයි. එය පාලනයට එම රටවල් විධිවිධාන රැසක් ගෙන තිබේ.

කොරෝනා වෛරසය නිසා රට රැකියාවලට යන ශ්‍රී ලාංකිකයන්ට අදාළ රැකියා සඳහා පිටත්වීම තාවකාලිකව කල්දමන්නැයි, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ රැකී රක්ෂා හා කම්කරු සබඳතා අමාත්‍යාංශය දැනුම් දෙයි. කොරෝනා වෛරසය ව්‍යාප්ත වූ රටවල දැනට සේවයෙහි නිරත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් වෙනුවෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙස ද එම රටවල තානාපති කාර්යාල සඳහා දැනුම් දී ඇති බවයි, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසන්නේ.

ලෝකය තුළ නව කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයන් සංඛ්‍යාව 119,176ක් දක්වා ඉහළ ගොස් තිබේ.

බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය ඇමති නැඩින් ඩොරිස් මහත්මියට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ. මෙම සිදුවීමත් සමග බ්‍රිතාන්‍යයේ ආසාදිතයින් ගණන 383ක් දක්වා ඉහළ ගොස් තිබේ. මියගිය ගණන 6ක්.

කොරෝනා වෛරස් තත්වය නිසා ඩුබායි අන්තර්ජාතික ගුවන්තොටුපොළේ ඇති විශේෂිත සුහුුරු ගේට්ටු භාවිතය අත්හිටුවීමට තීරණය කර තිබේ.

කොරෝනා වෛරසය හේතුවෙන් මුලු ඉතාලියම නිරෝධායනය කිරීමට එරට රජය පියවර ගෙන තිබේ. ඒ අනූව මුළු රටේම පොදු ජනයා රැස්වන අවස්ථාවන් තහනම් වනු ඇති.

Latest News