කොවිඩ් 19 වෛරසයේ අවදානම හේතුවෙන් මෙරට වරාය වෙත පැමිණෙන මගී නෞකාවල මගීන් රට තුළට ඇතුළු කර ගැනීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට පියවර ගෙන තිබේ.

ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකික කාන්තාවකට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබේ.

කොරෝනා වෛරසයෙන් මියගිය සංඛ්‍යාව මේ වන විට 3,000 ඉක්මවා තිබේ. චීනයෙන් පිටත වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඉතාලියෙන්.

මේ වන විට කොරෝනා ආසාදන තත්වය ලොව පුරා පැතිරීමේ අවදානමක් ඇති බව, ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි. එහි ප්‍රධාන ආචාර්ය ටෙඩ්‍රස් අඩනොම් කියා සිටින්නේ, කොරෝනා වෛරසය ඉතා සුවිශේෂී එකක් නමුත් නිසි ප්‍රතිකර්ම මගින් පාලනය කළ හැකි බවයි.

වෛරසයෙන් මේ වන විට 3,000කට අධික පිරිසක් මියගොස් ඇති අතර ආසාදිත පිරිස 88,000කට අධිකයි.

අද වන විටි ලොව රටවල් 63ක වෛරසය ව්‍යාප්ත වී ඇති අතර වාර්තා වී ඇති මුළු ආසාදිතයින් සංඛ්‍යාව 86,992ක්. ඒ අතරින් චීනයේ පමණක් ආසාදිතයින් 79,826ක් හඳුනාගෙන තිබේ. ලොව පුරා වාර්තා වූ මරණ සංඛ්‍යාව 2979ක්. ඉන් 2870ක්ම වාර්තා වන්නේ චීනයෙන්. මේ අතර සුවය ලැබූ කොරෝනා වෛරස ආසාදිතයින්ගේ සංඛ්‍යාව 42,334ක් වන අතර චීන වැසියන් 41,825ක් ඊට ඇතුළත්.

ඉකුත් පැය 24 තු චීනයෙන් නව කොරෝනා වෛරස ආසාදිතයන් 575ක් හඳුනා ගැනුණ අතර වාර්තා වූ මරණ සංඛ්‍යාව 35ක්. මේ අතර, ප්‍රථම වරට අමෙරිකාවේ වොෂිංටන් නගරයේ කොරෝනා වෛරස් රෝගියෙකු ඊයේ මරණයට පත්විය. 50 හැවිරිදි අමෙරිකානු ජාතික පුද්ගලයා මීට පෙර වූහාන් නගරයේ වාසය කරන විට රෝගය වැළඳී සිට ඇති බවයි, වාර්තා වන්නේ.

මෙතෙක් අමෙරිකාවෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් පිරිස 69 දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අනූව අමෙරිකානු ජනාධිපති ඩොල්ඩ් ට්‍රම්ප් අමෙරිකාව හරහා සිදු කරන ජාත්‍යන්තර සංචාර තහනම් කිරීමට පියවර ගැනිණ. ඉරානයේ සිට පැමිණි පුද්ගලයින්ට අමෙරිකාවට පැමිණීම තහනම් කර ඇති අතර ජනාධිපතිවරයා සිය ජනතාවට අවධාරණය කරන්නේ දකුණු කොරියාව හා ඉතාලි සංචාර සීමා කරන ලෙසයි.

 

කොවිඩ් 19 වෛරසය මේ වන විට රටවල් 50කට වැඩි සංඛ්‍යාවක් තුළ පැතිර ගොස් ඇති බව වාර්තා වෙයි.

COVID-19 වෛරසය හේතුවෙන්‌ ලෝක කොටස්‌ වෙළෙඳපොළ සීඝ්‍ර පසුබෑමකට ලක්ව ඇති බව වාර්තාවේ.

කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් ඉරානයේ කුමී නගරවාසීන් 50 දෙනෙකු මියගොස් තිබේ. එරට නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍යවරයාට ද කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇතැයි, මාධ්‍ය වාර්තාවල සඳහන්.

කොවිඩ් 19 වෛරසය යුරෝපා රටවල දැඩි ලෙස ව්‍යාප්ත වන්නට පටන්ගෙන තිබේ. ඉතාලියේ රෝගීන් 300ක් වාර්තා වී ඇති අතර මරණ 11ක් වාර්තා වෙයි.

Latest News