කොරෝනා ආසාදිත වූවන්ගේ සංඛ්‍යාව 800 ඉක්මවයි

ජන 24, 2020

    ලොව පුරා කොරෝනා වෛරසය ආසාදිත වූවන්ගේ සංඛ්‍යාව 800 ඉක්මවා ගොස් තිබේ.

    ඒ එම වෛරසය සීඝ්‍රයෙන් පැතිරීම හමුවේ චීනයේ නගර රැසකට ඇතුළුවීම හා පිටවීම නොකරන ලෙසට සෞඛ්‍ය බලධාරීන් අනතුරු ඇඟවීමත් සමගයි.

    ලොව පුරා කොරෝනා වෛරසය ආසාදිත වූවන්ගේ සංඛ්‍යාව මේ වන විට 800 ඉක්මවා ගොස් තිබේ.

    විදෙස් වාර්තා අනාවරණ කළේ, කොරෝනා ආසාදනයෙන් මේ වන විට පුද්ගලයින් 18 දෙනෙකු මියගොස් ඇති බවයි. ඉන් වැඩි සංඛ්‍යාවක් චීන ජාතිකයින්ය.

    කොරෝනා වෛරසය සීඝ්‍රයෙන් පැතිරීම හමුවේ චීනයේ වූහාන් ඇතුළු නගර කිහිපයකට ඇතුළු වීම හා පිටවීම නොකරන ලෙස දැනටමත් එරට බලධාරීන් අනතුරු අඟවා තිබේ.

    මේ හේතුවෙන් චීනයේ බීජිං හා හොන්කොන් රාජ්‍යයයේ පැවැත්වීමට තිබූ උත්සව රැසක් අත්හිටුවා ඇත්තේ ජනාතාව රැස්වීම් තවදුරටත් අවම කිරීමේ අරමුණෙනි.

    මේ අතර අමෙරිකාව කොරෝනා වෛරසය ආසාදිත දෙවැනි පුද්ගලයා පිළිබඳ විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

    Latest News