චීනය තුළ කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසයේ නව ආසාදිතයන් සංඛ්‍යාවේ සුළු අඩුවීමක් දැකිය හැකි බව එරට ජාතික සෞඛ්‍ය කොමිසම සඳහන් කරයි.

කොරෝනා වෛරසය හෙවත්‌ "COVID -19" චීනයෙන්‌ පිටත සෙසු රටවල ශීඝ්‍ර ව්‍යාප්තියක්‌ දක්නට නොලැබෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

නව කොරෝනා වෛරසය කොවිඩ් 19 ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම් කරයි.

චීනයෙන් ආරම්භ වූ කොරෝනා වෛරසය සෙසු ලෝකයට ඉතා බරපතල තර්ජනයක් වන බව, ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

කටුනායක අන්තර්ජාතික ගුවන් තොටුපලේ සේවා සපයන කිසිඳු පුද්ගලයෙකුට කොරෝනා වෛරසය ආසාදනය නොමැති බව ගුවන් තොටුපොල මගීන්ගේ සෞඛ්‍ය කටයුතු බාර නිලධාරී වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

නව කොරෝනා වෛරසය ආසාදිතයෙකු මෙරටදී හමු වී ඇති බවට පළ වී ඇති පුවත්වල කිසිඳු සත්‍යතාවක් නැතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

කොරෝනා වෛරසය හේතුවෙන් ලොවපුරා මියගිය සංඛ්‍යාව 1 013ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අද වන විට 2003 වසරේ දී ලොවපුරා ව්‍යාප්තවූ සාර්ස් වෛසරයෙන් මියගිය සංඛ්‍යාව අභිබවා කොරෝනා මරණ සංඛ්‍යාව ඉහළ ගොස් තිබේ. මේ වන විට වාර්තා වී ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 813ක්.

කොරෝනා වෛරසයට ගොදුරුව මියගිය වෛද්‍ය ලී වෙන් ලියන් මහතාගේ සිද්ධිය පිළිබඳව සොයා බැලීමට විශේෂ විමර්ශන කණ්ඩායමක් චීනයේ වුහාන් නගරයට යැවීමට තීරණය කර තිබේ.

චීනයේ කොරෝනා වෛසරයෙන් මියගිය සංඛ්‍යාව 618 දක්වා ඉහළ ගොස් තිබේ. ඊයේ දිනයේදි මරණ 69ක් වාර්තා විය.

Latest News