'රුආන්ග්' දූපතේ ගිනි කන්දක් සක්‍රීය වෙයි

අප්‍රේ 18, 2024
    ඉන්දුනීසියාවේ උතුරු "සුලවෙසි" පළාතේ "රුආන්ග්" දූපතේ ගිනි කන්ඳක් සක්‍රීය වී තිබෙනවා.

    සිය ගණනක් ජනතාව නිවාසවලින් ඉවත් කිරීමටයි, බලධාරින් කටයුතු කර ඇත්තේ. මේ අතර, එරට බලධාරින් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බවද වාර්තා වනවා.

    ඉකුත් අඟහරුවාදා සිට ගිනිකන්‍‍දේ පෙර කම්පන මාලාවක් සිදු වූ බව, එරට භූ විද්‍යා සමීක්‍ෂණ ආයතනය පවසනවා. ගිනි කන්ඳ විධාරණය වීමත් සමග කිලෝ මීටර 2 කට වඩා ඝන දුම් වළාවක් අහස පුරා පැතිර ගොස් ඇති බවයි, වාර්තා වන්නේ.
    ප්‍රදේශයේ ජනතාව කඩිනමින් ආරක්‍ෂක ස්ථාන වෙත යොමු කිරීමටයි, බලධාරින් පියවර ගෙන තිබෙන්නේ. මේ නිසා ඊශාන දෙසින් පිහිටි "ටගුලාන්ඩාන්ග්" දූපත ද නැවත් අවදානමකට ලක්ව ඇති බව, බලධාරින් ප්‍රකාශ කරනවා.
    ගිනි කන්දේ කොටසක් මුහුදට කඩා වැටී සුනාමියක් ඇති විය හැකි බවට බලධාරින් අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙනවා.

    Latest News