ගලේවෙල සිසිර කුමාර නිහඬව නිර්මාණයක් බිහි කළ හැටි (විඩියෝ)

සැප් 08, 2019

    විශිෂ්ට නිර්මාණ බිහි කළ හැකි නිහඬ ශිල්පීන් මොන තරම් අපේ රටේ සැඟවී සිටිනවා ඇති ද? මේ එවන් දක්‍ෂ නිර්මාණකරුවෙක්.

    ඩී.එච්.එම් සිසිර කුමාර ගලේවෙල, ගල්බොක්කයාය දුෂ්කර ගම්මානයේ පදිංචි වෘත්තියෙන් විදුලි කාර්මික ශිල්පියෙක් මෙන්ම පෙදරේරුවෙකු ද වේ. පස් දෙනෙකුට ගමන් කළ හැකි ජීප් රථයක් සාර්ථකව නිර්මාණය කිරීමට ඔහු සමත්විය.

    පැයට කිලෝ මීටර් 70ක වේගයකින් ගමන් කළ හැකි එම ජීප් රථයට යොදාගෙන ඇත්තේ යතුරු පැදි එන්ජිමක්. කුඩා කාලයේ සිටම නව නිර්මාණ බිහි කළ සිසිර කුමාර හෙලිකොප්ටරයක් ද නිෂ්පාදනය කර තිබේ. පසුව කුඩා යතුරු පැදි එන්ජිමක් යොදා ගෙන පුද්ගලයන් දෙදෙනෙකුට ගමන් කළ හැකි රථයක් නිර්මාණය කළ බව සිසිර කුමාර මහතා පවසයි.

    දරුවන් තිදෙනෙකුගේ පියෙකු වන ඔහු දුෂ්කරතා මධ්‍යයේ නිර්මාණය කළ ජීප් රථය සංචාරක ක්‍ෂේත්‍රයට සහ පවුලේ වාහනයක් ලෙස වැඩි දියුණු කළ හැකි බැවින් ඊට උපකාර අවශ්‍ය බව සිසිර කුමාර මහතා පවසයි.

    Last modified on සදුදා, 09 සැප්තැම්බර් 2019 17:25

    Latest News