"මහසෙන්" මින්නේරියට ඇවිත් (වීඩියෝ)

මැයි 03, 2019

    ශ්‍රී ලංකාවේ දක්නට හැකි විශාලතම ඇතකු ලෙස සැලකෙන මහසෙන් නොහොත් සෝමාවතියේ දළ පූට්ටුවා මේ දිනවල මින්නේරිය ජාතික වනෝද්‍යානයේ දී දැකිය හැකියි.

    ඉතා විශාල දළ යුගලක් හිමි මෙම දැවන්තයා සෑම වර්ශයකම අප්‍රේල් සහ ජූනි අතර කාලයේ දී කවුඩුල්ල සහ මින්නේරිය ජාතික වනෝද්‍යානවලට පැමිණෙන බව වන ජීවී නිලධාරීහු පවසති. තම සහකාරිය සොයා පැමිණෙන මේ දැකුම්කළු ඇත් රාජයා සතියක් පමණ මින්නේරිය වනෝද්‍යානය අවට ගතකොට නැවත තමන්ගේ සුපුරුදු සෝමාවතී පුදබිම් රක්ෂිත කලාපයට යන බව වන ජීවී නිලධාරීහු සඳහන් කරයි.

    ඇතාගේ ශරීරයේ දකුණු අතෙහි හා පිටුපස වම් පාදයේ වෙඩි වැදුණු සලකුණු කිහිපයක් දක්නට ලැබෙන බවයි වනෝද්‍යානයේ සංචාරයක රියදුරන් පවසනනේ.

    පසුගිය කාලය පුරා ශ්‍රී ලංකාවේ ඇතුන් ඝාතනය වීමත් සමග මෙම අලංකාර දැවන්ත මහසෙන් හස්තියා පිළිබඳවද විශේෂ අවධානයක් යොමු විය.

    Last modified on සිකුරාදා, 03 මැයි 2019 19:19

    Latest News